ගෝලීය සාම දර්ශකයෙන් ශ්‍රී ලංකාව ඉදිරියට

ගෝලීය සාම දර්ශකයෙන් ශ්‍රී ලංකාව ඉදිරියට

රටපුරා ස්ථාපිත වී ඇති නිදහස් හා සාමකාමී වාතාවරණයත් සමඟ ශ්‍රී ලංකාව ගෝලීය සාම දශකයේ (Global Peace Index - 2012) තවදුරටත් ඉදිරියට පැමිණ තිබේ.

ලෝකයේ රටවල් 158 ක් මෙම සමීක්ෂණය සඳහා යොදාගෙන තිබෙන අතර එහිදී ශ්‍රී ලංකාවට 103 වැනි ස්ථානය හිමිව ඇත. පසුගිය වසරේදී ශ්‍රී ලංකාව එම දර්ශකයේ 130 වැනි ස්ථානයේ සිටියද මෙවර රටවල් 27 ක් අභිබවා ඉදිරියට පැමිණ ඇත.

එම වාර්ථාව පෙන්වා දී ඇත්තේ සාමකාමී වාතාවරනයක් ඇතිකිරීම සම්බන්ධයෙන් ඉන්දියාව හා පකිස්ථානය ඇතුලු බොහෝ රටවල් අභිබවා ශ්‍රී ලංකාව ඉදිරියට පැමිණ ඇති බවය.

මෙම දර්ශකයට අනුව ශ්‍රී ලංකාව, ආසියානු පැසිපික් කළාපයේ 17 වන ස්ථානය හිමි කරගෙන ඇත. ශ්‍රී ලංකාවට අමතරව ගෝලීය සාම දශකයට අනුව ඉන්දියාව 142 වන ස්ථානයටද, පාකිස්තානය 149 වන ස්ථානයටද පැමිණ තිබෙන අතර තායිලන්තය හිමි කරගෙන ඇත්තේ 129 වැනි ස්ථානයයි. ඊට අමතරව පිලිපීනය, සිම්බාබ්වේ, භූතානය හා ඝානාව යන රටවල් සමඟ ශ්‍රී ලංකාවද සාමකාමී වාතාවරණයක් ඇතිකිරීම සම්බන්ධයෙන් ඉතා ඉහළ ප්‍රගතියක් ලබා තිබේ.

ත්‍රස්ත ක්‍රියා ඇතිවීමේ ප්‍රවණතාවය, රජයට විරුද්ධව විරෝධතා ව්‍යාපාර සංවිධානය වීම සහ අභ්‍යන්තර ගැටුම්වලින් සිදුවන මරණ සංඛ්‍යාව ඇතුළුව ගුණාත්මක හා ප්‍රමාණාත්මක නිර්නායකයන් 23 ක් පදනම් කර ගනිමින් මෙම සමීක්ෂණය සිදුකර තිබෙන අතර එයින් ශ්‍රී ලංකාව කැපී පෙනෙන ලෙස බදිරියට පැමිණ ඇත.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා