පනස්දාහක් අල්ලස් ගනිද්දි සුරාබදු නියාමක දැෙල්
පනස්දාහක් අල්ලස් ගනිද්දි
සුරාබදු නියාමක දැෙල්
විජයානී එදිරිසිංහ
ගංජා ළඟ තබාගත් කාන්තාවකට මත්කුඩු තබාගත් බව පවසා නීති මගින් ක්‍රියා නොකර
සිටීමට රුපියල් ලක්ෂ තුනක අල්ලස් ඉල්ලූ සුරාබදු නියාමකවරයෙක් අල්ලස්
කොමිසම මගින් ඊයේ (13) අත්අඩංගුවට ගෙන තිබේ.
සැකකරු ඉල්ලා සිටි මුදලින් රුපියල් පනස් දහසක් ලබා ගන්නා අවස්ථාවේම
අත්අඩංගුව ට පත් වූයේ ඊයේ දහවල් කොළඹ ඩී. ආර්. විජේවර්ධන මාවතේ පිහිටි
සුරාබදු ප්‍රධාන කාර්යාලයේ දීය.
මොහු ඊයේ කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් වෙත ඉදිරිපත් කිරීමට නියමිතව තිබිණි.
.
|