ඉරාකයේ බෝම්බ වැලක් 84ක් නසී
ඉරාකයේ බෝම්බ වැලක්
84ක් නසී
ඉරාකයේ ඊයේ සිදුවූ බෝම්බ පිපිරීම් මාලාවකින් 84 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තවත්
300 දෙනෙකු තුවාල ලබා ඇත.
බැග්ඩෑඩ් අගනුවර සිදුවූ බෝම්බ පිපිරීම් හේතුවෙන් මියගිය පිරිසෙන් බහුතරයක්
ආගමික උත්සවයක් සඳහා පැමිණි ෂියා නිකායික බැතිමතුන් බව ඒ.එෆ්.පී වාර්තා
සඳහන් කරයි. එක් බෝම්බයක් පුපුරුවා හැර ඇත්තේ ආගමික පෙරහැරක් ඉලක්ක කර ගෙන වන අතර බෝම්බ
ප්‍රහාරවල වගකීම මෙතෙක් කිසිවෙකු බාර ගෙන නොමැත.
ඉරාකයේ ෂියා නිඛායික බැතිමතුන් ඉලක්ක කරන ලද ප්‍රහාරයන්ගේ වර්ධනයක් පසුගිය
දිනවල පෙන්නුම් කර තිබෙන අතර අදාළ ප්‍රහාරයේ වගකීම එරට සුන්‍ය මුස්ලිම් සටන්
කාමීන් විසින් බාර ගතයුතු බවට ඉරාක ආරක්ෂක අංශ පවසා ඇත.
.
|