|
||||
අවුන් සාන් සුකී යුරෝපා යයි
(2012-06-14 11:50) මියන්මාරයේ ප්‍රජාතන්ත්‍රවාදයේ ප්‍රතිමුර්තිය වශයෙන් සැලකෙන අවුන් සාන් සුකී වසර 24 කින් අනතුරුව ඓතිහාසික යුරෝපා සංචාරයක් ආරම්භකර ඇත. ඇය නිවාස අඩස්සියට පත්වීමට පෙර අවසන් වරට යුරෝපයේ සංචාරයක යෙදී ඇත්තේ 1988 දීයි. ඇය ඊයේ ජාත්‍යන්තර කම්කරු සංවිධානයේ ජිනීවා සම්මන්ත්‍රණය ඇමතීමට නියමිත විය. මේ සංචාරය අතරවාරයේ දී මීට 21 වසරනට පෙර 1991 දී සුකී ට පිරිනමන ලද නොබෙල් සාම ත්‍යාගයද නිල වශයෙන් පිළිගනු ඇත.
සුකී ගේ මෙම සංචාරය මියන්මාරයේ දැනට සිදුවෙමින් පවතින දේශපාලන ප්‍රතිසංස්කරනවල සන්ධි ස්ථානයක් සනිටුහන් කරනු ඇතැයි විශ්ලේෂකයෝ පවසති. මියන්මාරය හමුදා පාලනයෙන් මුදාගනු ලැබුවේ මීට වසරකට පෙරයි.
සුකී සිය යුරෝපා සංචාරය ආරම්භ කළේ බටහිර මියන්මාරයේ බෞධයන් සහ මුස්ලිම්වරුන් අතර ගැටුම් උත්සන්න වූ අවස්ථාවක දීයි. සෑහෙන පිරිසක් ඝාතනයට ලක්වූ මෙම අර්බුදකාරී තත්ත්වය යටතේමියන්මාරයේ ගොඩනැගෙමින් පැවතෙන ප්‍රතිසංස්කර ක්‍රියාදාමය කඩා දැමීමට හේතුවනු ඇතැයි මියන්මාර් ජනාධිපතිවරයා සැක මතුකර ඇත.
මියන්මාරයේ උද්ගත වී ඇති තත්ත්වය ජාත්‍යන්තර ප්‍රජාවේ ද දැඩි අවධානය යොමු වී ඇත. |
||||
|
ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත‍්‍ර සමාගම
© 2011 සියලු හිමිකම් ඇවිරිණි. ඔබගේ අදහස් හා යෝජනා අපි අගයන්නෙමු webmanager@lakehouse.lk |