|
බොරැල්ල මැගසින් බන්ධනාගාරයේ ප්‍රචණ්ඩ ලෙස හැසුරුණු අයට ඇප නැහැ
බොරැල්ල මැගසින් බන්ධනාගාරයේ ප්‍රචණ්ඩ ලෙස
හැසුරුණු අයට ඇප නැහැ
සිරන්ජනි කුමාරි
(2012-06-14 14:20) බොරැල්ල මැගසින් බන්ධනාගාරය තුළ ප්‍රචණ්ඩකාරි තත්ත්වයක් නිර්මාණය කිරිමේ සිද්ධියට
සම්බන්ධ සැකකරුවන් 44දෙනා ඇප මත මුදා හැරිම ප්‍රතික්ෂේප කළ කොළඹ ප්‍රධාන
මහෙස්ත්‍රාත් රශ්මි සිංගප්පුලි මහතා සිද්ධිය සමිබන්ධ නිතිපති උපදෙස් කඩිනමින් ලබා
ගැනිමට ක්‍රියා කරන ලෙසට ඊයේ (13) පොලිසියට නියම කළේය.
සිද්ධිය ඊයේ යළි කැඳවු අවස්ථාවේදි සැකකරුවන් වෙනුවෙන් පෙනි සිටි නිතිඥවරු පැවසුවේ
සමහර සැකකරුවන් මෙම සිද්ධිය නිසාම රක්ෂිතබන්ධනාගාරගතව ඇති බවත් එය ඔහුන්ට සිදු වන
මහත් අසාධාරණයක් බැවින් සැකකරුවන් ඇප මත මුදා හරින ලෙසය.
කොළඹ අපරාධ කොට්ඨාසයේ පොලිස් පරික්ෂක රාජපක්ෂ මහතා මෙහිදි පැවසුවේ පොදු දේපළ පනත යටතේ
රුපියල් 2500කට වැඩි වටිනාකමින් යුතු අලාභයක් රජයට සිදු කර ඇති බැවින් ඇපදිමට
විරෝධය දක්වන බවය.
තවද සිද්ධිය සම්බන්ධයෙන් මෙතෙක් නිතිපති උපදෙස් ලැබි නොමැති බව සදහන් කළ රාජපක්ෂ
මහතා සියලු උධෘත නිතිපති දෙපාර්තමේන්තුව වෙත යොමු කර ඇති බව පැවසිය.
මැගසින් බන්ධනාගාරයේ නව පරිපාලන ව්‍යුහයට විරෝධය දක්වමින් ඉකුත් පෙබරවාරි 25වන දින
රැඳවියන් විසින් මෙම ප්‍රචණ්ඩකාරි තත්ත්වය නිර්මාණය කර තිබිණ.
මෙහිදි ලේඛනාගාර ගොඩනැගිල්ල ගිනි තබා ලක්ෂ 47ක අලාභයක් සිදු වු අතර සිද්ධියෙන්
රැඳවියන් 26ක් හා බන්ධනාගාර නිළධාරින් හතරදෙනෙකු තුවාල ලබා රෝහල් ගත කෙරිණ.
සිද්ධියට සම්බන්ධ ගිනි අවි හය හා උණ්ඩ රස පරික්ෂක වාර්තා සඳහා රස පරික්ෂකවරයා වෙත
ඉදිරිපත් කර ඇති පොලිසිය සිද්ධියට අදාළ උධෘත නිතිපතිවරයා වෙතට ද ගොනු කර තිබිණ.
අදාළ කරුණු සළකා බැලු මහෙස්ත්‍රාත්වරයා සැකකරුවන්ට ඇප ලබාදිම ප්‍රතික්ෂේප කරමින්
ඔහුන් මේ මස 27වන දින දක්වා තවදුරටත් රක්ෂිතබන්ධනාගාරගත කරමින් නිතිපති උපදෙස්
කඩිනමින් ලබා ගැනිමට කටයුතු කරන ලෙසට පොලිසියට නියම කළේය.
.
|