කළුතර පොලිස් අභ්‍යාස විද්‍යාලයේ ඵලදායිතා වැඩසටහන සාර්ථකයි

කළුතර පොලිස් අභ්‍යාස විද්‍යාලයේ ඵලදායිතා වැඩසටහන සාර්ථකයි

පොලිස්පති එන්.කේ. ඉලංගකෝන් මහතා ඵලදායිතා වැඩපිළිවෙළ පිළිබඳව ඇමති ලක්ෂ්මන් සෙනෙවිරත්න මහතා දැනුවත් කරමින්. ඵලදායිතා අමාත්‍යාංශයේ ලේකම් ලලිත් කන්නන්ගර මහතාද මෙහි සිටියි.

රජය මගින් ස්ථාපිත කර ඇති ඵලදායිතා සත් වැඩපිළිවෙළ වඩා වර්ධනය කළ යුතුයි.

ඒ සඳහා හොඳම ස්ථානය පොලිසිය යැයි ඵලදායිතා ඇමැති ලක්‍ෂ්මන් සෙනෙවිරත්න මහතා පැවසීය.

ඒ මහතා එසේ කීවේ කළුතර පොලිස් අභ්‍යාස විද්‍යාලයීය අපරාධ පරීක්ෂණාගාරයේ පැවති ඵලදායිතා රැස්වීමක් අමතමිනි.

ඇමැතිවරයා මෙසේද කීය. පුහුණුව ලබන පොලිස් නිලධාරීන් රටේ පොලිස් ස්ථානවලට අනුයුක්ත කරනවා. සෙසු ආයතනවලට වඩා පොලිසියේ විනය පවතිනවා. ඒ නිසා ඵලදායිතා සේවය ඉක්මනින් ස්ථාපිත කළ හැකියි.

මේ පොලිස් නිලධාරීන් කීප දෙනකුට ශිෂ්‍යත්ව ප්‍රදානය කර විදෙස් පුහුණුව ලබාදීම වඩාත් යෝග්‍ය බවද හෙතෙම කීය.

පොලිස්පති එන්.කේ. ඉලංගකෝන් මහතා කළුතර පොලිස් විද්‍යාලයෙන් ඇරැඹූ මෙම වැඩපිළිවෙළ සඳහා ඒ ඒ පොලිස් කොට්ඨාස වලින් සහකාර පොලිස් අධිකාරීවරු 57 දෙනකු පමණ සහභාගී වන අතර පුහුණුවෙන් පසු එම නිලධාරීන් විවිධ පොලිස් කොට්ඨාසවලට අනුගත කර ඔවුන් යටතේ ව්‍යාපෘති පවත්වාගෙන යාමට අපේක්ෂා කරනවා.

මනා පුහුණුවකින් පසු ඵලදායිතා වැඩපිළිවෙළ සාර්ථක ප්‍රතිඵල උරගා බැලීම සඳහා ලබන වර්ෂයේ ඵලදායිතා සම්මානයට තරග වැදීමට ඒ ඒ පොලිස් ස්ථානවලින් තමා අපේක්ෂා කරනවා.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා