ලෝකඩ පදක්කම දිනූ රත්නපුරයේ ජයමිණිට රුපියල් දෙලක්ෂයක මුදලින් තෑගි

ලෝකඩ පදක්කම දිනූ රත්නපුරයේ ජයමිණිට රුපියල් දෙලක්ෂයක මුදලින් තෑගි

ශ්‍රී ලංකාවේදී පෙරේදා සාර්ථකව නිමාවූ 15 වැනි ආසියානු කනිෂ්ඨ මලල ක්‍රීඩා ශූරතාවලියේ මීටර 3000 බාධක දිවීමේ ඉසව්වේ ලෝකඩ පදක්කම හිමිකර ගත් සබරගමුව පළාතේ චාමිකා ජයමිණී ට රුපියල් ලක්ෂ 2ක මුදලක් පිරිනැමීමට සබරගමුව මහ ඇමැති මහීපාල හේරත් මහතා තීරණය කර තිබේ.

මේ ශූරතාවලියේ මීටර 400 ඉසව්වේ රන් පදක්කම දිනූ කෑගල්ලේ ශිවන්ති කුමාරි රත්නායක ට ද රුපියල් ලක්ෂ 5ක් මුදලින් තිළිණ කිරීමටද මහ ඇමැතිවරයා මීට කළින් තීරණය කර තිබිණි.

ලෝකඩ පදක්කම්ලාභිනී ජයමිණී රත්නපුර ගොඩකුඹුර මියනවිට විද්‍යාලයෙන් මූලික අධ්‍යාපනය ලබා රත්නපුර සුමනා බාලිකා විදුහල ඔස්සේ තරග බිමට පිවිසුනු ක්‍රීඩිකාවකි. රන් පදක්කම්ලාභිනී ශිවන්ති කුමාරි කෑගල්ල හිරිවඩුන්න විද්‍යාලයෙන් අධ්‍යාපනය ලැබ කෑගල්ල ශාන්ත ජෝසප් බාලිකා විද්‍යාලය හරහා ක්‍රීඩා ක්ෂේත්‍රයට පිවිසුනු ක්‍රීඩිකාවකි.

මේ ක්‍රීඩිකාවන් දෙදෙනාට මුදල් ත්‍යාග පිරිනැමීම සබරගමුව පළාත් සභාව ඉදිරියේදී සංවිධානය කරන උත්සවයකදී සිදු කරන බව මහීපාල හේරත් මහතා පවසයි. මීට අමතරව, මෙම ශූරතාවලියට ඉදිරිපත්ව මව්බිමට ගෞරවය ගෙන දුන් සබරගමුවෙන් බැහැර පිට පළාත්වල ක්‍රීඩක ක්‍රීඩිකාවන් ද එම උත්සවයට කැඳවා ඔවුන් අගයන බවද ඒ මහතා කියයි.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා