ක්‍රීඩා ලෝලීන් 130ක් රැඳවුම් භාරයට

ක්‍රීඩා ලෝලීන් 130ක් රැඳවුම් භාරයට

පෝලන්තය හා රුසියාව අතර 2012 යූරෝ කුසලාන පාපන්දු තරගය ආරම්භයට පෙර දෙරට ක්‍රීඩා ලෝලීන් අතර ඇතිවූ ගැටුමක් මැඩ පැවැත්වීමට කඳුලු ගෑස්, වතුර පොම්ප හා රබර් උණ්ඩ යොදාගත් පොලිසිය ක්‍රීඩා ලෝලීන් දුසිම් ගණනින් රැඳවුම් භාරයට ගත්හ.

දෙපිලේම දඩබ්බර ක්‍රීඩා ලෝලීන් 130කට ආසන්න පිරිසක් රඳවා ගත් බවත් තරගය ආරම්භයට පෙර දස දෙනෙකුට පමණ සුළු තුවාලවලට ප්‍රතිකාර කළ බවත් පොලිසිය කීය. මෙය නගරයේ මෙතෙක් ඇතිවූ ලොකුම ආරක්ෂක අභියෝගය ලෙස හැඳින්වේ.

දෙරට අතර වසර සිය ගණනක් තිස්සේ පවතින වෛරය හා සැකයත්, හිංසාකාරී ක්‍රියාවනට ප්‍රසිද්ධියක් උසුලන ක්‍රීඩා ලෝලී කණ්ඩායම් දෙරටේම සිටීමත් මේ කෝලාහලයට හේතු වී තිබේ.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා