ඉරානයේ න්‍යෂ්ටික වැඩපිළිවෙළට ලෝක බලවත්තු මං පෙත් හදති
ඉරානයේ න්‍යෂ්ටික වැඩපිළිවෙළට ලෝක බලවත්තු මං පෙත් හදති
වොෂින්ටනයේ දී - ඒ - එෆ් - පි

ඊශ්‍රායල ජනාධිපති ෂිමොන් පෙරිස් සමඟ සාකච්ඡාවක නියැලි සිටින අමෙරිකන්
රාජ්‍ය ලේකම් හිලරි ක්ලින්ටන් |
ලබන සතියේ දි මොස්කව් හී දි පැවැත්විමට නියමිත සාකච්ඡා වටයේදී ඉරානයේ
න්‍යෂ්ටික වැඩපිළිවෙළ සම්බන්ධයෙන් ඉතා පැහැදිලි මංපෙතක් ඉරානයට විවෘත
කරදීමට ලෝක බලවතුන් අපේක්ෂා කරන බව අමෙරිකන් රාජ්‍ය ලේකම් හිලරි ක්ලින්ටන්
පෙරේදා පවසා ඇත .
පී5 + 1 යනුවෙන් හැදින්වෙන සංවිධානය මෙම සාකච්ඡාවේදී සැක කටයුතු න්‍යෂ්ටික
වැඩපිළිවෙළ සම්බන්ධයෙන් රාජතාන්ත්‍රික ක්‍රියා පිළිවෙතකට යොමු වීමට
ඉරානයට ඉඩ ප්‍රස්ථාව ලබා දෙනු ඇතැයි රාජ්‍ය ලේකම්වරිය පවසන්නීය.
මේ සම්බන්ධයෙන් නිසි ප්‍රතිචාර දක්වන ලෙස චීනයෙන් සහ රුසියාවෙන් ඉරානයට
දැඩි බලපෑම් එල්ල වි තිබේ .ඉරානය සම්බන්ධයෙන් පැවැත්වෙන මොස්කව් සාකච්ඡාවේ
විෂය ක්ෂේත්‍රය සම්බන්ධයෙන් යුරෝපා හවුලේ විදේශ ප්‍රතිපත්ති ප්‍රධානී කැතරින්
ඇෂ්ටන් සමඟ එකඟත්වයකට පත්වු බව ඉරානයේ ප්‍රධාන සාකච්ඡාකරු සායීඩ් ජලීල්
පවසයි .
සාකච්ඡාවලට පෙර සූදානමක් වශයෙන් ජලීල් බ්‍රිතාන්‍ය, චීන . ප්‍රංශ. රුසියන් ,
අමෙරිකන් සහ ජර්මන් නියෝජිත පිරිස්වල ජ්‍යෙෂ්ඨ බලධාරී හුද හමුවී ඇත .
ඉරාන න්‍යෂ්ටික වැඩපිළිවෙළ පිළිබඳ ජූනි 18 - 19 දෙදින තුළ මොස්කව් හී
පැවැත්වෙනු ඇත්තේ තුන්වන සමුළුවයි .මේ දක්වා පැවති සාකච්ඡාවලින් සාර්ථක
ප්‍රතිඵල නෙලා ගැනිමට ලෝක බලවතුන් අපොහොසත්වී ඇත .
ඉරානයේ න්‍යෂ්ටික වැඩපිළිවෙළ න්‍යෂ්ටික අවි නිපදවීමට යොමු වුවක් බවට ලෝක
බලවතුන් සැක කරන අතර ඉරානය මෙම චෝදනාව තරයේ ප්‍රතික්ෂේප කරයි .
.
|