රටේ සිදුවන පෙරැළිවලට වඩා පුද්ගල මනසේ යහ පෙරැළියක් සිදු කිරීම විශාල පින්කමකි.

ජනාධිපති මහින්ද රාජපක්ෂ
2012 ජූනි 12 නුවර දී



සිසාරා යන්නට වෙබ් අඩවි . . . .

වංචනික අදහසින් දඩ ලේඛනයේ
අසත්‍ය සටහන් තබලා

රට ගිය හිටපු මහේස්ත්‍රාත්වරියකට
ලෝක පොලිසිය හරහා වරෙන්තු

රහස් පොලිස් වාර්තා අනුව
මහාධිකරණය නියෝග කරයි

වංචා කිරීමේ අදහසින් දඩ ලේඛනයේ අසත්‍ය සටහන් යෙදූ බවට චෝදනා ලැබ සිටින ගාල්ල මහේස්ත්‍රාත් අධිකරණයේ හිටපු මහේස්ත්‍රාත්වරියක අත්අඩංගුවට ගන්නා ලෙස මහාධිකරණ විනිශ්චයකාර ඒ. එල්. එස්. ගුණරත්න මහතා අන්තර් ජාතික පොලිසිය මගින් ඊයේ (15) වරෙන්තුවක් නිකුත් කෙළේය. ශ්‍යාමිනී මෙරෙන්චිආරච්චි නමැති මේ මහේස්ත්‍රාත්වරිය දැනට ඕස්ට්‍රේලියාවේ පදිංචිව සිටින බවට...

විස්තර»

දියවඩන නි‍ලමේ නිලංග දෑලට
අපහාස කළාට මිලියන 250ක් වන්දි

අධිකරණයෙන් නියෝග

මහනුවර ශ්‍රී දළදා මාලිගාවේ දියවඩන නි‍ලමේ නිලංග දෑල මහතා රන් ආලේපිත බුදු පිළිම 25ක් අයථා ලෙස පරිහරණය කළේ යැයි ප්‍රසිද්ධ කරමින් සිදු කළ අපහාසයට රුපියල් මිලියන 250ක වන්දියක් ගෙවන‍ ලෙස ජාතික සම්පත් සුරැකීමේ ව්‍යාපාරයේ නිලධාරීන්ට කොළඹ දිසා...

විස්තර»

පන්නිපිටිය ධර්මපාල - මහරගම ජනාධිපති

සිසු දෙපිරිසක් මහරගම දී ගැටෙති

පන්නිපිටිය ධර්මපාල හා මහරගම ජනාධිපති විදුහල්වල සිසුන් දෙපිරිසක් අතර මහරගම නගරයේදී ඊයේ (15) උදේ ඇතිවූ ගැටුමක් පොලිසිය මැදිහත් වී සමථයකට පත් කොට තිබේ. පන්නිපිටිය ධර්මපාල විද්‍යාලයේ සිසුන් පිරිසක් මහරගම ජාතික තරුණ සේවා සභාවේ පැවැති වැඩසටහනකට පැමිණි අවස්ථාවේ මේ ගැටුම හටගෙන ඇත.

විස්තර»

අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් ගෝඨාභය ජයරත්න

ඉදිකිරීම්, ඉංජිනේරු සේවා නිවාස සහ පොදු පහසුකම් අමාත්‍යාංශයේ ලේකම් ගෝඨාභය ජයරත්න මහතා අධ්‍යාපන අමාත්‍යාංශයේ නව ලේකම්වරයා ලෙස පත්කොට ඇත. අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම්වරයා ලෙස කටයුතු කළ එස්. එම්. ගුණසේකර මහතා විදුලි සංදේශ හා තොරතුරු තාක්ෂණ අමාත්‍යාංශයේ ලේකම්වරයා ලෙස පත්කර තිබේ.

ජ’පුර සමන්ත සිසු ඝාතනය

විත්තිකරුවන්ට විදෙස් ගමන් බෑ:
20වන විත්තිකරුට ආසන වරෙන්තු

ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ “සමන්ත” සිසුවා ඝාතනය සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටින විත්තිකරුවන් 21 දෙනාගේ විදේශ ගමන් වහාම ක්‍රියාත්මක වන ලෙස ඊයේ (15) තහනම් කළ කොළඹ මහාධිකරණ විනිසුරු කුමුදුනී වික්‍රමසිංහ මහත්මිය අධිකරණයට නොපැමිණි සිටි 20 වැනි විත්තිකරු වහා අත්අඩංගුවට ගැනීමට වරෙන්තුවක් නිකුත් කළාය.

විස්තර»

ස්වාධීන රූපවාහිනියට අපහාස කළැයි

මිලියන 1000ක් වන්දි ඉල්ලා
වෙබ් අඩවියකට නඩු

ස්වාධීන රූපවාහිනිය සහ එහි සභාපතිවරයාට එරෙහිව අසත්‍ය පුවතක් පළ කිරීම මගින් අපහාසයක් සිදුකළ වෙබ් අඩවියකට එරෙහිව රුපියල් මිලියන දහසක වන්දියක් ඉල්ලා ස්වාධීන රූපවාහිනිය සිය නීතිඥයන් මගින් එන්තරවාසි යවා තිබේ.

විස්තර»

කටුවන හැඳිවත්ත ජවිපෙ
රැස්වීමකට වෙඩි ප්‍රහාරයක්

2ක් මරුට

කටුවන හැඳිවත්ත ප්‍රදේශයේ ඊයේ (15) සවස පැවති ජනතා විමුක්ති පෙරමුණේ රැස්වීමකට යතුරු පැදි කිහිපයකින් පැමිණි පිරිසක් විසින් වෙඩි තැබීමෙන් කාන්තාවක හා තරුණයකු එම ස්ථානයේදීම මියගොස් ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී අජිත් රෝහණ මහතා පැවැසීය. සිද්ධියෙන් තුවාල ලත් තවත් අයකු ප්‍රතිකාර සඳහා ‍‍රෝහල් ගතකර ඇතැයිද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා කීය.

විස්තර»

චීන ආබාධිත කලාකරුවන්ගේ ප්‍රසංගයක් ඉකුත් තෙදින නෙළුම් පොකුණ මහින්ද රාජපක්ෂ රඟහලේ දී පැවැත්විණි. උලෙළ නිමා වූ 14 වැනි දින ප්‍රසංගය අවසානයේ එහි ශිල්පීන් අධ්‍යාපන ඇමැති බන්දුල ගුණවර්ධන, චන්ද්‍රසිරි ගජදීර, පියසේන ගමගේ සහ නියෝජ්‍ය කථානායක චන්දිම වීරක්කොඩි මහත්වරුන් සමඟ සමූහ ඡායාරූපයකට පෙනී සිටි අයුරු.

ඡායාරූපය : නිශ්ශංක විජේරත්න

 

කැලණිය වැලිවලින් රන් සුණු ගෙනාවේ
පූගොඩ වැල්ලෙ මිණිකැට හමු වුණාවේ
මන්නාරමේ තෙල් උල්පත් හිනාවේ
රන්දොර විවර වෙයි අප වාසනාවේ

 

ශ්‍රී ලංකාවේ කාලගුණය

Click for Colombo, Sri Lanka Forecast