පොදු මනුෂ්‍ය­ත්වය පිළිබඳ හැඟීම ගොඩනැඟිය යුතුයි

ජනාධිපති මහින්ද රාජපක්ෂ
2012 ජූනි 03 තායිලන්තයේදී.



සිසාරා යන්නට වෙබ් අඩවි . . . .

ජපා‍නයේ බන්සායි සිකියුරිටීස් සමාගම ශ්‍රී ලංකාවේ ආයෝජනයට කැමැත්ත පළ කරයි

(2012-06-28 03:47) අමෙරිකානු ඩොලර් මිලියන 125 ක් (රුපියල් කෝටි 1700) වටිනා ශ්‍රී ලංකා රජයේ භාණ්ඩාගාර බැදුම්කර සහ භාණ්ඩාගාර බිල්පත් මත ආයෝජනය සිදු කිරීම සඳහා ජපානයේ ආයෝජන සමාගමක් පියවර ගෙන ඇත.

විස්තර»

බස්නාහිර උපාධිධාරින් 241කට ගුරු පත්විම්

(2012-06-28 12:00) බස්නාහිර පළාතේ තවත් උපාධිධාරීන් 241දෙ‍නෙක් සඳහා ගුරුපත්වීම් ලබාදීමට බස්නාහිර පළාත් අධ්‍යාපන අමාත්‍යාංශය පියවර ගෙන තිබේ. ඔවුන් අතරින් කලා උපාධිධාරීන් 221 දෙනෙක් සිටින අතර ලකුණු 112-114 සීමාව යටතේ ගුරු පත්විම් සඳහා මොවුන් තෝරාගෙන තිබේ. අවමලකුණු සීමාව යටතේ ඉංග්‍රීසි මාධ්‍ය ගුරුවරුන් 20 දෙනෙක් තෝරාගැනීමටද අමාත්‍යාංශය කටයුතු කැර ඇත.

විස්තර»

ගලේවෙල කොස්පොත රක්ෂිතයේ අක්කර 500ක් ගින්නෙන් විනාශයි

ජල විදුලි පද්ධතිවලට හානි

(2012-06-28 10:00)හදිසි ගින්නකින් මාතලේ සහ කුරුණෑගල දිස්ත්‍රික් මායිමේ අක්කර පන්සීයක පමණ රක්‍ෂිත වනාන්තරයක් විනාශ විය. දැවී විනාශ වූයේ කරනම්පොත හා කොස්පොත යන කඳු හා අවට ප්‍රදේශයයි. ගිනිගෙන විනාශ වූ භූමියෙන් වැඩි ප්‍රමාණයක් ගලේවෙල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ කොස්පොත ග්‍රාම නිලධාරී වසමට අයත්ය.

විස්තර»

සිවිල් ගුවන් සේවා අධිකාරියට නියෝගයක්

රජයට නො දුන් මිලියන 600 භාණ්ඩාගාරයට වහාම එවනු

හිතුමතේ වැඩ කිරීමට අධ්‍යක්ෂ ජෙනරාල්ට බලය කොයින්ද? විගණන අංශ විමසයි

අනුමතයකින් තොරව මුදල් ආයෝජනය එපා - අමාත්‍යාංශ ලේකම්

ලේකම්ගේ නියෝග ක්‍රියාත්මක කරන්න බැහැ - අධ්‍යක්ෂ ජනරාල්

සිවිල් ගුවන් සේවා අධිකාරිය රජයේ අනුමතයකින් තොරව ස්ථාවර තැන්පතු සහ භාණ්ඩාගාර බිල්පත්වලින් ආයෝජනය කර ඇති මුදල් වහාම ලබා දෙන්නැයි මහා භාණ්ඩාගාරය එම අධිකාරියට නියෝග කර තිබේ.

විස්තර»

හෙළිදරව්වට වහාම පරීක්‍ෂණයක්

ඇමැති පියංකර ලේකම්ට දන්වයි

සිවිල් ගුවන් සේවා අධිකාරිය රුපියල් මිලියන 600ක් අනිසි ලෙස පාවිච්චි කරලා” යන ශීර්ෂයෙන් ඊයේ (27) දිනමිණ පුවත්පතේ පළ වූ ප්‍රවෘත්තිය පිළිබඳ වහාම පරීක්‍ෂණයක් පවත්වා කඩිනම් වාර්තාවක් ලබා දෙන ලෙස සිවිල් ගුවන් සේවා ඇමැති පියංකර ජයරත්න මහතා අමාත්‍යාංශ ලේකම්වරයා වෙත ඊයේ (27) නියෝග කෙළේය.

විස්තර»

උපයා ගත් මුදල් ඉදිරි වැඩ සඳහා ආයෝජනය කළා

සිවිල් ගුවන් සේවා අධිකාරියේ සභාපති කියයි

සිවිල් ගුවන් සේවා අධිකාරිය උපයා ගත් මුදල් ආයතනයෙහි ඉදිරි සැලසුම් ක්‍රියාත්මක කිරීම සඳහා භාණ්ඩාගාරයෙහි සහ රාජ්‍ය බැංකුවක ආයෝජනය කර ඇතැයි සිවිල් ගුවන් සේවා අධිකාරියේ සභාපති ජෙනරාල් රොහාන් දළුවත්ත මහතා පවසයි.

විස්තර»

නියඟය නිමා කර වගාවන්ට අවශ්‍ය වැසි ජලය ලබා දෙන ලෙස ඉල්ලා ඌවපරණගම යටිපළාත ගොවිසංවිධානය බෝඹුරු ඇල්ල වැව ආසන්නයේදී වැසි පිරිත හා දේව දානය තබා කන්නලව් කළේය. එහිදි ගොවිමහතකු දෙවියන් උදෙසා දේව දානය හා පලතුරු පිළිගන්වයි.

ඡයාරූපය - වැලිමඩ සමූහ ආර්. රාජමන්ත්‍රී

ජාතික ඩෙංගු මර්දන මාසයේදී ඔබ නිවසට පැමිණෙන ඩෙංගු මර්දන නිලධාරීන්ට, පොලිස් සහ හමුදා නිලධාරීන්ට සහාය දක්වන්න.

ජනාධිපති කාර්ය සාධක බළකායේ පණිවුඩයකි

සුබ උපන් දිනක් වේවා

සිය ජීවිතයේ 91 වැනි ජන්ම දිනය සමරන ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ හිටපු මහලේකම් සෑම් විජේසිංහ මහතාගේ නිවෙසට ගිය ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා, ඒ මහතාට සුබ උපන් දිනයක් ප්‍රාර්ථනා කළේය. ඒ අවස්ථාවේදී විජේසිංහ මහතා උපන් දින කේක් ගෙඩිය කැපූ අයුරු. මුදල් හා ක්‍රම සම්පාදන නියෝජ්‍ය ඇමැති ගීතාංජන ගුණවර්ධන, පාර්ලිමේන්තු මන්ත්‍රී ඒ.එච්.එම් අස්වර් මහත්වරුද මෙහි වෙති.

ඡායාරූපය - නලින් හේවාපතිරණ

 

පැන ගන්නට අමාරුවෙන් අ.පො.ස උසස් පෙළ කඩුල්ල
බාදකයට හරස්වෙලා තිබුණු ඉසෙඩ් ස් කෝර් උදැල්ල
පත්තු වුණා උසාවියෙන් වාසනාවෙ මුර වෙඩිල්ල
නැවතුණි දරුවගෙ ඇඬිල්ල පැද්දී නීතියෙ තොටිල්ල

 

ශ්‍රී ලංකාවේ කාලගුණය

Click for Colombo, Sri Lanka Forecast