ශ්‍රේෂ්ඨ මිනිසකු වන්නට නම් ප්‍රඥාවන්ත බව තිබිය යුතුමයි.

ජනාධිපති මහින්ද රාජපක්ෂ
2011. 12. 15 කොළඹ දී


පරිසරය රැකගතහොත්
ඩෙංගු මදුරුවා මර්දනය කළ හැකියි

ජනාධිපති කාර්ය සාධක බළකායේ පණිවුඩයකි.


සිසාරා යන්නට වෙබ් අඩවි . . . .

අඩුපහසුකම් සහිත දහම් පාසල්
2600 කට මූල්‍යාධාර

(2012-07-06 14:20)ශ්‍රී සම්බුද්ධ ජයන්තිය 2600 නිමිත්තෙන් ක්‍රියාත්මක කරන අඩුපහසුකම් සහිත දහම් පාසල් 2600 ක්ප්‍රති සංවර්ධනය කිරීමේ ජාතික වැඩපිළිවෙළ යටතේ හම්බන්තොට දිස්තික්කයේ දහම් පාසල්110 ක් සඳහා මූල්‍යාධාර පිරිනැමීම සමස්ථ ලංකා ශාසනාරක්ෂක බලමණ්ඩලයේ සභාපති . . . . . .

විස්තර»

චීන - ශ්‍රී ලංකා රබර් සහල් ගිවිසුමට
වසර 60 යි

(2012-07-06 11:50)ශ්‍රීලංකාව හා චීනය අතර තානාපති සේවා ආරම්භකොට වසර පනස්පහක්ද දෙරට අතර අත්සන් කෙරුණු රබර් හා සහල් ගිවිසුමට වසර හැටක්ද සම්පූර්ණවීමේ ඓතිහාසික සිදුවීම සැමරේ.

විස්තර»

ශිෂ්‍යත්ව විභාගය අගෝසතු මස 26

(2012-07-06 11:35)පහ වසර ශිෂ්‍යත්ව විභාගය අගෝසතු මස 26 වන ඉරිදා පැවැත්වීමට ශ්‍රි ලංකා විභාග දෙපාර්තමේන්තුව තීරණය කර තිබේ.

එකම අංකය දෙදෙනකුට දීලා

ජාතික හැඳුනුම්පත් කාර්යාලය දහස් ගණනක් අමාරුවේ දමයි

එකම අංකය ඇති හැඳුනුම්පත් 4000ක් සොයා ගනී

අතීත දුර්වල පරිපාලනය-නොසැලකිල්ල ව්‍යාකූලත්වයට හේතුවයි

ජාතික හැඳුනුම්පත් කාර්යාලය එකම හැඳුනුම්පත් අංකය දෙදෙනකු වෙනුවෙන් නිකුත් කර තිබීම හේතුවෙන් පුද්ගලයන් දහස් ගණනකට බරපතළ ගැටලු සහගත තත්ත්වයකට මුහුණපෑමට සිදුවී තිබේ. එකම අංකය සහිතව නිකුත් කර ඇති එවැනි හැඳුනුම්පත් හාරදහසකට වැඩි ප්‍රමාණයක් මේ වන විට සොයාගෙන තිබේ.

විස්තර»

දුම්රිය සේවයේ පුරප්පාඩු 8591ක්

අධි පන්තියේ 48යි

තාක්ෂණ ශිල්පී 3412යි

දුම්රිය දෙපාර්තමේන්තුවේ පුරප්පාඩු 8591ක් තිබෙන බව දුම්රිය සාමාන්‍යාධිකාරි බී.ඒ.පී.ආරියරත්න මහතා පැවසීය. 06/2006 චක්‍රලේඛය අනුව බඳවා ගැනීමේ පරිපාටි සහ දෙපාර්තමේන්තුවේ නව සංවිධාන ව්‍යුහය සකසා අනුමැතියට යවා ඇති අතර ඒවා අනුමත වීමෙන් පසු එම පුරප්පාඩු පිරවීමට ඉදිරියේ දී කටයුතු කරන බව ආරියරත්න මහතා පැවසීය.

විස්තර»

වෙබ් අඩවි ගැන කටයුතු කිරීමේ බලය පුවත්පත් මණ්ඩලයට

වෙබ් අඩවි සම්බන්ධයෙන් කටයුතු කිරීමේ බලය පුවත්පත් මණ්ඩලය වෙත පැවරීමට රජය තීරණය කරයි. ඇමැති මණ්ඩලයේ අනුමැතිය මේ සඳහා ලබාගැනීමෙන් පසු ශ්‍රී ලංකා පුවත්පත් මණ්ඩල පනතට අවශ්‍ය සංශෝධන සිදුකිරීමට ඉදිරියේදී පියවර ගන්නා බව රජයේ මාධ්‍ය ප්‍රකාශක, ජනමාධ්‍ය හා ප්‍රවෘත්ති ඇමැති කෙහෙලිය රඹුක්වැල්ල මහතා පවසයි.

විස්තර»

මුහුදෙන් එන මත්ද්‍රව්‍ය මැඩීමට පොලිස් සුනඛ කණ්ඩායමක්

මුහුදු මාර්ග ඔස්සේ හොර රහසේ රට අභ්‍යන්තරයට මත්ද්‍රව්‍ය ගෙනඒම වැළැක්වීමට විශේෂ පුහුණුව ලත් පොලිස් නිල සුනඛයන් විසි දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් ස්ථාපිත කිරීමට පොලිස් නිල සුනඛ මූලස්ථානය පියවර ගෙන තිබේ.

විස්තර»

ලොව උසම ශාන්ත අන්තෝනි ප්‍රතිමාව වත්තල නගරයේ

ලෝකයේ උසම ශා. අන්තෝනි ප්‍රතිමාව වත්තල හැඳල හන්දියේ වත්තල නගර සභාව ඉදිරිපිටදී කොළඹ අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්ගේ ප්‍රධානත්වයෙන් ආසිරි ගන්වා හෙට (7) සවස 6.30ට නිරාවරණය කෙරේ. මේ ප්‍රතිමාවේ උස අඩි 25වන අතර දැනට ඉතාලියේ පාදුවා නගරයේ ස්ථාපිත කර ඇති ශාන්ත අන්තෝනි ප්‍රතිමාවේ උස අඩි 20 කි.

විස්තර»

රණවිරු රියල් ස්ටාර් මිෂන් ටූ අවසන් මහ තරගය අද

රණවිරුවන්ගේ සැඟවුණු ගායන කුසලතාවන් ජාතික තලයට හඳුන්වා දුන් මෙරට ප්‍රේක්‍ෂකයන් අතර අතිශයින් ජනාදරයට පත් වෙමින් වැඩිම පිරිසක් නැරඹූ රූපවාහිනි රියැලිටි වැඩසටහනක් වූ “රණවිරු රියල් ස්ටාර්” වැඩසටහනේ දෙවන අදියරේ අවසාන මහා තරගය අද (06) වැනිදා ජාතික රූපවාහිනිය ඔස්සේ සජීවීව විකාශය කිරීමට කටයුතු යොදා තිබේ.

විස්තර»

පුද්ගල අනන්‍යතා මහලේකම් කාර්යාල ගොඩනැඟිල්ලක්

රුපියල් බිලියන 7.5ක පමණ මුදලක් වැය කොට බත්තරමුල්ල සුභූතිපුර පාරේ ඉදිකෙරෙන මහල් 21 කින් යුත් පුද්ගල අනන්‍යතා මහලේකම් කාර්යාල ගොඩනැඟිල්ල සඳහා කතානායක චමල් රාජපක්‍ෂ සහ ආරක්‍ෂක ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ මහත්වරුන් අතින් ඊයේ (5) මුල්ගල් තැබිණි. වර්ග අඩි 700,000 කින් පමණ සමන්විත මේ ගොඩනැඟිල්ලේ ආගමන හා විගමන දෙපාර්තමේන්තුව, පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව ඇතුළු මහජනතාවට සේවය සලසන ආයතන රැසක් ස්ථාපිත කිරීමට නියමිතය. ගොඩනැඟිල්ලට මුල්ගල් තැබීම සඳහා ආරාධිත අමුත්තන් සූදානමින් සිටි අයුරු. ඡායාරූපය - කෝට්ටේ මධ්‍යම සමූහ - නන්ද ඒකනායක

 

පොත් මිටි ගෙන පන්ති ගියත් සරසවි දරුවන් උදේට
නටන්ට සිදුවී ඇත්තේ වැඩ වර්ජන බෙර පදේට
කොට්ට මාරු කෙරුවා වාගෙයි ඕවා හිස රදේට
දරුවට බෑ කෙලින් යන්ට කකුළුවා යනකොට ඇදේට

 

ශ්‍රී ලංකාවේ කාලගුණය

Click for Colombo, Sri Lanka Forecast