මහජන මුදල් සුරැකීම සංවර්ධනයේ පළමු පරමාර්ථයයි

ජනාධිපති මහින්ද රාජපක්ෂ
2012 ජූලි 12 කළුතර දී


හොරෙන් ඕස්ට්‍රේලියාවට යන්න හැදූ 127ක් අත්අඩංගුවේ

නීති විරෝධීව ඕස්ට්‍රේලියාව බලා ධීවර යාත්‍රා දෙකකින් ගමන් කරමින් සිටි පුද්ගලයන් 109ක් නැගෙනහිර මුහුදේදීත් තවත් පුද්ගලයන් 18ක් හලාවත හා පුත්තලම ප්‍රදේශයේදීත් නාවික හමුදා සහ පොලිස් අත්අඩංගුවට පත් වුහ.

විස්තර»

ALL VACANCY ADVERTISEMENTS IN SUNDAY OBSERVER, NOW ON-LINE @ www.observeremployment.lk

ඩෙංගු බෝ කරනන්නන් සඳහා දඩුවම රු. 50000ක දඩයක් හෝ හය මසක සිර දඩුවමකි.

ජනාධිපති කාර්ය සාධක බළකායේ පණිවුඩයකි.


සිසාරා යන්නට වෙබ් අඩවි . . . .

පත්වීම් ඉල්ලා ත්‍රිමලේ
උපාධිධාරීහු උද්ඝෝෂණයක

(2012-07-16 02:58) නැඟෙනහිර පළාතේ උපාධිධාරීන්ට පත්වීම් ප්‍රදානය කිරීමේ මඩකළපුව හා අම්පාර දිස්ත්‍රික්කවල උපාධිධාරීන්ට පත්වීම් ලබාදී ඇතැත් තමන්ට මෙතෙක් රැකියා සඳහා පත්වීම් ලබාදී නැතැයි කියමින් ත්‍රිකුණාමලය උපාධිධාරීන් පිරිසක් අද (16) කින්නියා ප්‍රාදේශීය ලේකම් කාර්යාලය ඉදිරිපිට උද්ඝෝෂණයක් පැවැත්වූහ.

විස්තර»

නීතිපති පුටුව
සරත් පාලිත ප්‍රනාන්දු ට

(2012-07-16 11:15)සරත් පාලිත ප්‍රනාන්දු මහතා නව නීතිපතිවරයා වශයෙන් පත් කර ඇති බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව අද නිවේදනය ක‍ළේය. ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා විසින් මෙම පත්කිරීම සිදුකර ඇත. මේ සඳහා පාර්ලිමේන්තු කාරක සභාවේ අනුමැතියද හිමි වී තිබේ.

විස්තර»

කෙළිකාරයෝ 60,000ක් අල්ලන්න මෙහෙයුමක්

අගෝස්තු 01ට කලින් සියලු දෙනාම අල්ලනවා

ප්‍රසිද්ධ පාතාල අපරාධකරුවන් වන තෙල්බාලා, අයිස් මංජු, වෙලේ සුදා, ජොසේගේ මල්ලී, ප්‍රදීප්, නදුන්, බයියා, දමිත, දිගාෆයිසර් ඇතුළු වරෙන්තුකරුවන් හැට දහසක් අත්අඩංගුවට ගැනීමට පොලිසිය දැවැන්ත මෙහෙයුමක් ආරම්භ කර තිබේ.

විස්තර»

මහජන මුදල් කා දමන නිලධාරීන්ට එරෙහිව දැඩි පියවර ගන්න

මහජන මුදල් නාස්ති කරන නිලධාරීන්ට එරෙහිව දැඩි පියවර ගන්නා ලෙස ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අමාත්‍යාංශ ලේකම්වරුන් වෙත උපදෙස් දුන්නේය. ජනාධිපතිවරයා මෙසේ උපදෙස් දුන්නේ ගම්පහ දිස්ත්‍රික් විශේෂ සංවර්ධන කමිටු රැස්වීමට වේයන්ගොඩ, පත්තලගෙදර ගුරු අභ්‍යාස විද්‍යාලයේදී පෙරේදා (14) එක්වෙමිනි.

විස්තර»

තම්මැන්නාවේ මැණික් අලෙවියෙන් ලැබූ රු. ලක්ෂ 170 පවුල් 47කට

කතරගම, තම්මැන්නාව මාර්ගයේ තිබී හමු වූ මැණික් ගල් විකිණීමෙන් ලැබුණු රුපියල් ලක්ෂ එකසිය හැත්තෑවක මුදල ප්‍රදේශයේ පවුල් හතලිස් හතක් අතර බෙදා දීමට ජාතික මැණික් හා ස්වර්ණාභරණ අධිකාරිය තීරණය කරයි.

විස්තර»

එල්ටීටීඊ තවදුරටත් තහනම්

ඉන්දියාව තීරණය කරයි

එල්.ටී.ටී.ඊ සංවිධානය වෙනුවෙන් පනවා තිබූ තහනම තවදුරටත් දීර්ඝ කිරීමට ඉන්දීය රජය තීරණය කර ඇත. එම සංවිධානය ඉන්දීය විරෝධී ප්‍රතිපත්තියක් අනුගමනය කිරීම සහ ඉන්දීය පුරවැසියන්ගේ ආරක්ෂාවට දැඩි තර්ජනයක්ව පැවතීම හේතුවෙන් මේ ‍තීරණය ගෙන තිබෙන බව ඉන්දීය ස්වදේශ කටයුතු අමාත්‍යාංශය ප්‍රකාශකර ඇත.

විස්තර»

Z අගය ගණනය අරඹයි

විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසම මගින් ලබා දුන් ක්‍රමවේදයට අනුව ඉසෙඩ් අගය ගණනය කිරීමේ කටයුතු විභාග දෙපාර්තමේන්තුව පෙරේදා (14) ආරම්භ කළේය. පසුගිය 13 දින රාත්‍රී විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසම ලබාදුන් ක්‍රමවේදයට අනුව පැරණි හා නව නිර්දේශවල ඉසෙඩ් අගය වෙන වෙනම ගණනය කර එක් ලැයිස්තුවකට පෙළ ගැස්වීමෙන් පසුව දිවයිනේ කුසලතාව සහ දිස්ත්‍රික් කුසලතාව ගණනය කෙරේ.

විස්තර»

තංගල්ල අපයෝජන සිද්ධිය

නාගරික මන්ත්‍රී හඳුනාගැනීමෙන් නිදහස් කිරීමට අල්ලස් ගනිද්දී දැලේ

අපයෝජන සිද්ධියක් සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගතව සිටින තංගල්ල නගර සභාවේ නාගරික මන්ත්‍රීවරයෙකු හඳුනා ගැනීමේ පෙරට්ටුවේදී නිදහස් කිරීමට රුපියල් දස ලක්ෂයක කප්පමක් ඉල්ලා ඇති පුද්ගලයෙකු පොලිස් අත්අඩංගුවට ගෙන ඇත.

විස්තර»

අම්පාර හාඩි උසස් තාක්ෂණ විද්‍යායතනය විශ්වවිද්‍යාලයක් බවට පත් කරනවා

අම්පාර හාඩි උසස් තාක්ෂණ විද්‍යායතනය ලබන වසර අවසන්වීමට පෙර විශ්වවිද්‍යාලයක් කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පැවසීය.

විස්තර»

තල් මලක් පිපී

මාතලේ රට ඉඳි

යෝධ පිඹුරෙක්

ඉහළ කොත්මලේ ජල විදුලි බලාගාරය

ඉහළ කොත්මලේ ජල විදුලි බලාගාරය ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා අතින් පෙරේදා (14) විවෘත කෙරිණි. බලාගාරය විවෘත කිරීම සඳහා ජනාධිපතිවරයා කැඳවාගෙන ආ අයුරු සහ බලාගාරය ආශ්‍රිත ප්‍රදේශයේ ගුවන් ඡායාරූපයකි මේ. ඡායාරූප - සුදත් සිල්වා

 

හිංගල වෙදගුරුනාන්සේ බුලත් අතට බේත් දුන්නේ
බටහිර බේතෙන් ගෙන්වන මුදලාලි ගසා කන්නේ
ලාබය සියයට අටසීයක් ලෙඩාය මරා ගන්නේ
මේ ලෙඩේට බේතක් දෙන තුරු මුළු රට බලා ඉන්නේ

 

ශ්‍රී ලංකාවේ කාලගුණය

Click for Colombo, Sri Lanka Forecast