රිදී නදිය වැඩ අරඹයි!
රිදී නදිය වැඩ අරඹයි!
ශ්‍රී ලංකාවේ ඉදිකළ හැකි අවසන් මහා පරිමාණ ජල විදුලි ව්‍යාපෘතියත් ගිය
සෙනසුරාදා ජනතා අයිතියට පත් කැරිණි. තලවකැලේ ප්‍රදේශයේ හරිත - වර්ණ සුන්දර
වන පෙත මැදින් ඉබාගාතේ ගලා ගිය කොත්මලේ ඔය දැන් ජාතියට ආලෝකය සපයන මහාර්ඝ
වස්තුවකි. ඉහළ කොත්මලේ ජල විදුලි බලාගාරයේ ඉදිකිරීම් පිළිබඳ වෘත්තාන්තය
ඉතිහාසයට එකතු වන්නේ බරපතළ අරගලයක විජයග්‍රහණයක් ලෙස ය. මේ
ව්‍යාපෘතියට අදාළ මූලික සැලැසුම් හා ශක්‍යතා වාර්තා නිකුත් වන්නේ 1960 ගණන්වල
ය. දේශපාලකයන්ගේ දුර්වලතා, කඹ ඇදිලි, විරෝධතා හා තවත් හේතු නිසා කෝත්මලේ
ව්‍යාපෘතිය; යථාර්ථයක් නො වන සිහිනයක් ලෙස ඈතින් - ඈතට ඇදී ගියේ ය.
මුළු ලෝකය ඉදිරියට ඇදෙන්නේ නූතන තාක්ෂණය ත් සමඟ ය. තාක්ෂණය පණගැන්වීම සඳහා
බලශක්තිය අවශ්‍ය වේ. එහෙත් බලශක්තිය යනු එක් අතෙකින් හීන වෙමින් පවතින; ක්ෂය
වන සම්පතකි. තවත් අතකින් ලොව පවත්නා ප්‍රධාන අර්බුදයෙකි. ඒ පිළිබඳ සංවාදය
දිනෙන් - දිනම තීව්‍ර වෙමින් පවතී. දෙවියන් විසින් ඉස්ලාම් රටවලට පොසිල ඉන්ධන
නම්; අගනා ත්‍යාගය ලබා දෙන ලදැ’ යි කියති. අපට තවම ඛනිජ තෙල් නැත. ස්වාභාවික
ගෑස් නැත. ගල් අඟුරු නැත. පරමාණු තාක්ෂණය නැත.අපගේ දායාද බවට පත්ව ඇත්තේ රටේ
භූ®ගෝලීය පිහිටීම, දේශගුණය, ජලය වනය වැනි සම්පත් ය. ඒවායෙහි උපරිම පල ලැබීම
සඳහා ද මූලධන හිඟයක් තිබේ.
තත්ත්වය එසේ තිබිය දී ශ්‍රී ලංකාවේ මුළු ජනගහනයෙන් 94%කට විදුලිය සම්පාදනය
කෙරේ. එය ජාතියක් වශයෙන් අප ලබා ඇති ජයග්‍රහණයකි. ගෙවී ගිය සත් වසර තුළ අලුත්
විදුලි පාරිභෝගිකයෝ දෙලක්ෂ ගණනක් එකතු වී සිටිති. ජාතික විදුලි බල පද්ධතියට
මෙ.වො. දහසකට ආසන්න ශක්ති ප්‍රමාණයක් අලුතින් එකතු වී තිබේ. අපගේ අසල්වැසි
රාජ්‍යයක් වන නේපාලය ලෝකයේ ජල සම්පත් බහුල ම රාජ්‍යයෙකි. ඒ අතින් ලෝකයේ දෙවන තැන
නේපාලයට හිමි වේ. එහෙත් නේපාලයේ විදුලිය කප්පාදුව අදටත් පවතී. ඉන්දියාව
දියුණු රාජ්‍යයක් වුව ජනගහනය සමඟ විදුලිය සැපයුම සසඳා බලන කල ශ්‍රී ලංකාව
තරම් ඉදිරියට ගොස් නැත. විදුලිය සම්පාදනය අතින් සමස්ත ආසියාවේ ම ප්‍රමුඛ
තැනක් ශ්‍රී ලංකාවට ලැබේ.
ඉහළ කොත්මලේ ජල විදුලි බලාගාරය මහවැලි සංවර්ධන ව්‍යාපෘතිය යටතේ ඉදිකිරීමට
යෝජනා වී තිබිණි. එහෙත් ජේ.ආර්. ජයවර්ධන ජනාධිපතිවරයාට එය ඉටුකර ගත නොහැකි
විය. පාරිසරික විරෝධතා, සමාජ විරෝධතා, දේශපාලන කඹ ඇඳීම්, නෛතික ගැටලු පමණක්
නොව; මූල්‍යමය ගැටලු පවා පැන නැඟිණි. සියල්ල ඉදිරියේ බලවත් ජේ.ආර්. ජයවර්ධන
මහතාද පරාජයට පත් විය. ඉන් පසු බලයට පත් වූ කිසිදු රාජ්‍ය නායකයකුට ද ඉහළ
කොත්මලේ සිිහිනය යථාර්ථයක් කර ගැනීමට නො හැකිවිය. අවසානයේ මේ ගැටලුව ජය
ගත්තේ ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ය. පරිසරයත් රැකගෙන, ජනතාවට නොරිදවා,
නෛතික ප්‍රතිපාදනවලට අනුව ව්‍යාපෘතිය ජයගන්නට ජනාධිපතිවරයාට හැකි
විය. මුල්‍යමය සහයෝගය ජපානයෙන් ලැබිණි. ගිය සෙනසුරාදා සිට අපගේ විදුලිබල
පද්ධතියට තවත් මෙ.වො.150 ක ශක්තියක් එක් විය.
මේ ජල විදුලි ව්‍යාපෘතියේ විශේෂතා කිහිපයක් තිබේ. පළමුවන්න එම ක්ෂේත්‍රයේ
ඉහළම තාක්ෂණය ඒ සඳහා යොදාගෙන තිබීම ය. ඊළඟ කාරණය නම්; දේශීය ඉංජිනේරුවන්ගේ
වැඩිම දායකත්වය මත විදුලි බලාගාරය ඉදිවීම ය. විදේශයන්හි සේවය කළ ශ්‍රී
ලාංකික ඉංජිනේරුවෝ රැසක් ද ඉහළ කොත්මලේ ඉදිකිරීම් සඳහා ශ්‍රී ලංකාවට පැමිණ
සිටිති. එයත් ආඩම්බරයකි. ව්‍යාපෘතිය ඉදිකිරීමට අවශ්‍ය ඉඩම් අත්පත් කර
ගැනීමේදී පවුල් හාරසිය ගණනක් ඉවත් කිරීමට සිදු විය. ඒ සියලු දෙනාට ස්ථිර නව
නිවාස ලබා දී ඇත. ඔවුන් ජීවත්වූ කුඩා නිවාස වෙනුවට ස්ථිර නව නිවාස ලැබී ඇත. පාසල්
ඇතුළු තවත් පොදු පහසුකම් ද ලැබී ඇත. ඒ හැරෙන්නට අවට මාර්ග පද්ධතිය ද නවීකරණය
වී තිබේ. තලවකැලේ ප්‍රදේශයට අලුත් පෙනුමක් ලැබී ඇත.
වැඩි දෙනෙනකුගේ සැලැකිල්ලට ලක් නොවුණ ද පසුගිය වසර හත තුළ රටේ සංවර්ධනයට
අදාළ බරපතළ වැඩ කොටසක් ඉටුවී තිබේ. මහාමාර්ග, වරායවල්, රැකියා සම්පාදනය,
මෙන් ම විදුලිබල හා බලශක්ති ක්ෂේත්‍රය ද ඉන් ප්‍රමුඛ තැනට පැමිණ තිබේ. ඉහළ
කොත්මලේ විදුලි බලාගාරය ඉදිකර අවසන් වූයේ ඉතා කෙටි කාලයක් තුළ ය. 2006 කර්තුවේ
වැඩ ආරම්භ කොට 2012 ජූලි 14 දා එම ව්‍යාපෘතිය ජනතා අයිතියට පත් කෙරේ.
කෙරවළපිටිය : යුගදනවි, පුත්තලම, ලක්විජය යන තාප බලාගාර මේ කාලය තුළ අප
ලැබූ තවත් ජයග්‍රහණ ය. දැනට ගණන් බලාඇති ආකාරයට 2013 අගෝස්තු ව පමණ වන විට
ශ්‍රී ලංකාවේ විදුලිය අර්බුදයක් ඇතිවීම හේතුවක් නැත. සාම්පූර් බලාගාරය ද ඉදි
වූ විට ශ්‍රී ලංකාවේ ඉදිරි ගමනට අවශ්‍ය මුළු බලශක්තිය සපයා ගත හැකි බව පැවසේ.
බොහෝ දෙනකු බලා සිටිනුයේ විදුලිය කපන තුරු ය. 2011 ජූනි අග ලැබිය යුතු මෝසම්
වැස්ස නිසි ප්‍රමාණයට ලැබී නැත. අන්තර් මෝසම් වැසි ද ඊසාන මෝසම් වැසි ද
ප්‍රමාණාත්මක ලෙස නොලැබිණි. 2012, නිරිත මෝසම ද නිසි පරිදි සක්‍රීය වූයේ නැත. මේ
හේතු නිසා රට පුරා දරුණු නිය¼ඟයක් පවතී. ජලාශ සිඳී ඇත. වැව් සිඳී ඇත. වාරිමාර්ග
වේළී ඇත. මේ තත්ත්වය යටතේ ජල විදුලි බල නිෂ්පාදනය පමණක් නොව පානීය ජල සැපයුමත්
ප්‍රශ්න කාරී තත්ත්වයක පවතී. එහෙත් විදුලිය කැපුණේ නැත. ආණ්ඩුව බරපතළ වියදමක්
දරමින් විදුලිය නිෂ්පාදනය කරයි.. එහෙත් පාරිභෝගිකයාට විදුලිය සපයනුයේ
පෙර මිලටමය. විදුලිය නොකපා පාඩු පිට ජනතාවට බලශක්තිය සැපයීම මීට පෙර සිදු
වී නැත. මීට පෙර කාලවල පැවැතියේ විදුලිය කපන අඳුරු යුගයකි.
අපට එදිනෙදා මුණ ගැසෙන බොහෝ දෙනකුට ඇත්තේ විවේචනාත්මක දෘෂ්ටියක් පමණි. මේ
විවේචන බොහෝ වේගවත් ය. බොහෝ කෝපකාරී ය. මේසවලට තඩි ගසමින්, බිත්තිවලට
අනිමින්, යකඩ කටවල් දෙවනත් කරමින් හැගුම්බර වචන තෝරා - බේරාගෙන දේශන පවත්වනු
ලැබේ. ඒ හැරෙන්නට දුම්රියේ, බස් පොළේ , වැඩබිමේ, හෝටලයේ සෙනඟ රැස්කරමින් කතා
පවත්වනු ලැබේ. ඔවුන් සොයා බලනුයේ අධිවේගී මාර්ගය ගැන නො ව එම මාර්ගයේ සිදු විය
හැකි අනතුරු ගැන ය. ඔවුන් සොයා බලනුයේ විදුලිය උත්පාදනය ගැන නොව; විදුලිය
කැපීම ගැන ය. මේ අයට හසු වී ඇත්තේ ගැටලුවෙහි පිට පොත්ත පමණි. ගැටලුවට හේතුව, ඒ
හේතුවේ සමාරම්භය ඔවුන්ගේ සැලැකිල්ලට ලක් වන්නේ නැත.
අවසන් ලෙස අපට කිව හැක්කේ බලන් කඩතුරා හැර දෑසේ යන්න ය.
.
|