අම්පාර හාඩි උසස් තාක්ෂණ විද්‍යායතනය විශ්වවිද්‍යාලයක් බවට පත් කරනවා
අම්පාර හාඩි උසස් තාක්ෂණ විද්‍යායතනය
විශ්වවිද්‍යාලයක් බවට පත් කරනවා
පා. ම. නාමල් රාජපක්ෂ
අම්පාර හාඩි උසස් තාක්ෂණ විද්‍යායතනය ලබන වසර අවසන්වීමට පෙර
විශ්වවිද්‍යාලයක් කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පැවසීය.
මේ මගින් උසස් තාක්ෂණය තව තවත් පුළුල් කිරීමට අවස්ථාව උදාවන බව හෙතෙම කීවේය.
අම්පාර හාඩි උසස් තාක්ෂණ ආයතන භූමියේදී 2013 දැයට කිරුළ ප්‍රදර්ශනයට මුල්ගල
තැබීමේ අවස්ථාවට ඊයේ (15) එක්වෙමින් පාර්ලිමේන්තු මන්ත්‍රිවරයා එසේ ප්‍රකාශ
කළේය.
දැයට කිරුළ ප්‍රදර්ශනය හුදෙක් විනෝදාත්මක ප්‍රදර්ශනයක් නොවන බව පවසන ඒ මහතා
එය අනාගත පරම්පරාවට ප්‍රයෝජන ලබාගත හැකි දීර්ඝකාලීන වැඩපිළිවෙළක් බව
හෙතෙම අවධාරණය කළේය.
දැයට කිරුළ ප්‍රදර්ශනය ජනාධිපතිතුමා ආරම්භකළේ සංවර්ධනය වේගවත් කිරීමට
බවත්, ඉන් පළාත් රැසක් නිසි ප්‍රයෝජන ලබාගෙන ඇති බවත් රාජපක්ෂ මහතා පැවසීය.
දශක තුනක් පුරා යුද්ධයෙන් බැට කෑ නැගෙනහිර ජනතාවට දැයටකිරුළ
ප්‍රදර්ශනයෙන් ඉගෙනගත හැකි බොහෝ දේ තිබෙන බව පවසන පාර්ලිමේන්තු
මන්ත්‍රීවරයා ඉන් වැඩි ඉඩකඩක් ලබාගැනීමට නැගෙනහිර ජනතාව උත්සුක වියයුතු
බව ප්‍රකාශ කළේය.
.
|