Z අගය ගණනය අරඹයි
Z අගය ගණනය අරඹයි
සුභාෂිනි සේනානායක
විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසම මගින් ලබා දුන් ක්‍රමවේදයට අනුව ඉසෙඩ් අගය
ගණනය කිරීමේ කටයුතු විභාග දෙපාර්තමේන්තුව පෙරේදා (14) ආරම්භ කළේය. පසුගිය 13
දින රාත්‍රී විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසම ලබාදුන් ක්‍රමවේදයට අනුව
පැරණි හා නව නිර්දේශවල ඉසෙඩ් අගය වෙන වෙනම ගණනය කර එක් ලැයිස්තුවකට පෙළ
ගැස්වීමෙන් පසුව දිවයිනේ කුසලතාව සහ දිස්ත්‍රික් කුසලතාව ගණනය කෙරේ.
මේ ගණනය කිරීම් සඳහා කොළඹ හා කැලණිය විශ්වවිද්‍යාල පරිගණක අධ්‍යයන අංශවල
පූර්ණ සහය ලබා ගන්නා අතර විභාග දෙපාර්තමේන්තුවේ පරිගණක දැනුම ඇති විභාග
කොමසාරිස්වරුන් පරිගණක අංශයේ නිලධාරින්ද යොමුකර ඇත.
පැරණි හා නව නිර්දේශවල ඉසෙඩ් අගය වෙන වෙනම ගණනය කිරීමෙන් පසු වෙන වෙනම
සංසන්දනය කිරීමද නැවත පරීක්ෂා කිරීමද ක්‍රම කීපයක් මඟින් සිදුකරන අතර
විෂයයෙන් විෂයයට ඉසෙඩ් අගය ගණනය කිරීමේ නිවැරදිතාව තහවුරු කිරීමේ නියදි
පරීක්ෂාවන් කීපයක්ද සිදුකරන ලෙස විභාග කොමසාරිස් ජනරාල් ඩබ්ලිව්. එම්. එස්.
ජේ. පුෂ්පකුමාර මහතා අදාළ නිලධාරින්ට උපදෙස් ලබාදී තිබේ.
ඉසෙඩ් අගය ගණනය කිරීමේ ක්‍රමවේදය විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසම මගින් 13
දා රාත්‍රී විභාග දෙපාර්තමේන්තුවට ලබාදී ඇති අතර මේ වනවිට ආරම්භ කර ඇති ගණනය
කිරීම් කඩිනමින් අවසන් කිරීමටත් එම ගණනය කිරීම් විශ්වවිද්‍යාල ප්‍රතිපාදන
කොමිසමට ලබාදීමෙන් අනතුරුව සිසුන්ටත් ලබාදීමට විභාග දෙපාර්තමේන්තුව
සූදානමින් සිටී.
.
|