නාගරික මන්ත්‍රී හඳුනාගැනීමෙන් නිදහස් කිරීමට අල්ලස් ගනිද්දී දැලේ

තංගල්ල අපයෝජන සිද්ධිය

නාගරික මන්ත්‍රී හඳුනාගැනීමෙන් නිදහස් කිරීමට අල්ලස් ගනිද්දී දැලේ

අපයෝජන සිද්ධියක් සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගතව සිටින තංගල්ල නගර සභාවේ නාගරික මන්ත්‍රීවරයෙකු හඳුනා ගැනීමේ පෙරට්ටුවේදී නිදහස් කිරීමට රුපියල් දස ලක්ෂයක කප්පමක් ඉල්ලා ඇති පුද්ගලයෙකු පොලිස් අත්අඩංගුවට ගෙන ඇත.

කප්පම් මුදලින් රුපියල් ලක්ෂ හතරක් ලබාගන්නා අවස්ථාවේදී මෙම සැකකරු අත් අඩංගුවට ගෙන තිබේ.

මෙසේ අත්අඩංගුවට පත් සැකකරු මිද්දෙනියේ තලාව ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. මෙම අල්ලස් ලබා ගන්නා මෙහෙයුම තංගල්ල බන්ධනාගාරයේ සිට සිදු කරන ලද්දක් බවට තොරතුරු අනාවරණය වී ඇති බවද පොලීසිය කියයි.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා