රජරටට තද වැසි

රජරටට තද වැසි

වියළි කාලගුණික තත්ත්වය නිමකරමින් රජරට පළාතේ ප්‍රදේශ රැසකට තද වැසි ලැබී ඇත.

මේ වර්ෂයේ (2012) මුල් මාස කිහිපයේ වර්ෂාපතනය පැවතිය ද මහ කන්නය ආරම්භයත් සමඟ පැවති වියළි කාලගුණික තත්ත්වය මත සියලු මහා වාරි, මධ්‍ය පරිමාණ වාරි සහ ග්‍රාමීය සුළු පරිමාණ වාරි පද්ධතිවල ජලය ශීඝ්‍රයෙන් පහළ බසිමින් පැවතිණි. මේ හේතුවෙන් වී සහ අතිරේක බෝග වගා කටයුතුවල නිරත ගොවීන්ට සිය වගා කටයුතු විනාශව ගැටලු රැසකට මුහුණ දීමට ද සිදු විය.

ඒ අනුව රජරටට පැවති එම වියළි කාලගුණික තත්ත්වය නිමා කරමින් අනුරාධපුර දිස්ත්‍රික්කයේ හොරොව්පතාන, ගලෙන්බිඳුනුවැව, මිහින්තලය, මැදවච්චිය, හුරුළුවැව, විලච්චිය, තඹුත්තේගම, නාච්චාදූව, කහටගස්දිගිලිය ආදි ප්‍රදේශ රැසකටද පොලොන්නරුව දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කිහිපයකටද තද වැසි ඇද හැලුන බව වාර්තා වේ.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා