මහජන මුදල් කා දමන නිලධාරීන්ට එරෙහිව දැඩි පියවර ගන්න
මහජන මුදල් කා දමන නිලධාරීන්ට
එරෙහිව දැඩි පියවර ගන්න
ජනපතිගෙන් අමාත්‍යාංශ ලේකම්වරුන්ට උපදෙස්
ධනුෂ්ක ගොඩකුඹුර
මහජන මුදල් නාස්ති කරන නිලධාරීන්ට එරෙහිව දැඩි පියවර ගන්නා ලෙස ජනාධිපති
මහින්ද රාජපක්ෂ මහතා අමාත්‍යාංශ ලේකම්වරුන් වෙත උපදෙස් දුන්නේය.
ජනාධිපතිවරයා මෙසේ උපදෙස් දුන්නේ ගම්පහ දිස්ත්‍රික් විශේෂ සංවර්ධන කමිටු
රැස්වීමට වේයන්ගොඩ, පත්තලගෙදර ගුරු අභ්‍යාස විද්‍යාලයේදී පෙරේදා (14)
එක්වෙමිනි.
මීගමුව රෝහලේ නව ගොඩනැගිල්ලේ පවතින දුර්වලතා සම්බන්ධයෙන් ඇමැති සරත් කුමාර
ගුණරත්න මහතා පෙන්වා දීමෙන් අනතුරුව ජනාධිපතිවරයා පළාත් මහ
ඇමැතිවරයාගෙන් ඒ සම්බන්ධයෙන් කරුණු විමසුවේය.
කොරියානු ආධාර යටතේ 2005 වර්ෂයට පෙර ඉදිකිරීම් ආරම්භ කළ මේ ගොඩනැගිල්ලේ
අඩුපාඩු රැසක් පවතින බව ප්‍රධාන ඇමැති ප්‍රසන්න රණතුංග මහතා කියා සිටියේය.
ගොඩනැගිල්ලේ වැසිකිළි පද්ධතියේ කාන්දුවීම් හට ගෙන ඇති බවත් ඊට පිළියම් ලෙස
වැසිකිළි පද්ධතිය නැවත ඉදිකිරීමට සිදුව ඇති බවත් මහ ඇමැතිවරයා කීවේය.
මීගමුව සහ ගම්පහ රෝහල් දෙකෙහිම මෙසේ කොරියානු ආධාර යටතේ ගොඩනැගිලි ඉදිකර ඇති
අතර මීගමුව රෝහලේ අඩුපාඩු නිසා ගෙවීම් නතර කළ බව ආර්ථික සංවර්ධන ඇමැති බැසිල්
රාජපක්ෂ මහතා පැවසීය.
මෙවැනි ඉදිකිරීම් රැසක් ඒ කාලයේ සිදු කර ඇති බවත් දෝෂ සහගත මෙවැනි ව්‍යාපෘතීන්ට
මැදිහත් වීමට වත්මන් නිලධාරීන් කැමැති නැති බවත් ඇමැතිවරයා කීවේය.
ඉතිහාසය පුරා කළ මෙවැනි වැරැදිවලට වග කියන්නට සිදුව ඇත්තේ වත්මන් රජයට බවත්
මේවාට වගකිවයුත්තන්ට එරෙහිව තීන්දු ගැනීමට සිදුවන බවත් ජනාධිපතිවරයා
පැවසීය.
රජය මුහුණ දුන් යුද්ධයේ පටන් සෑම ගැටලුවක්ම මෙසේ අතීතයේ සිදු වූ වැරදි නිසා හට
ගත් ඒවා බවත් ජනාධිපතිවරයා පෙන්වා දුන්නේය.
මෙම ගොඩනැගිල්ල සම්බන්ධයෙන් වහාම පියවර ගන්නා ලෙස ජනාධිපතිවරයා මහ
ඇමැතිවරයාට නියෝග කළ අතර අදාළ ඉදිකිරීම් කළ කොරියානු සමාගම
අලුත්වැඩියාවට යන වියදමින් සියයට 65 ක් ගෙවීමට සූදානමින් සිටින බව
හෙළිවිය.
ඉතුරු සියයට 35 රේඛීය අමාත්‍යාංශයෙන් මුදාහැර කඩිනමින් ඉදිකිරීම් අරඹන
ලෙසත් ජනාධිපතිවරයා නියෝග කළේය.
මැතිඇමැතිවරු, අමාත්‍යාංශ ලේකම්වරු ඇතුළු පිරිසක් ද මේ අවස්ථාවට එක්වූහ.
.
|