නීතිපති පුටුව සරත් පාලිත ප්‍රනාන්දු ට
නීතිපති පුටුව සරත් පාලිත ප්‍රනාන්දු ට
(2012-07-16
11:15)සරත් පාලිත ප්‍රනාන්දු මහතා නව නීතිපතිවරයා වශයෙන් පත් කර ඇති බව රජයේ ප්‍රවෘත්ති
දෙපාර්තමේන්තුව අද නිවේදනය කළේය. ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා විසින් මෙම
පත්කිරීම සිදුකර ඇත.
මේ සඳහා පාර්ලිමේන්තු කාරක සභාවේ අනුමැතියද හිමි වී තිබේ.
පාලිත ප්‍රනාන්දු මහතා මීට පෙර සොලිස්ටර් ජනරාල්වරයා ලෙස කටයුතු කර ඇති අතර වැඩබලන
නීතිපතිවරයා ලෙසද කටයුතු කර තිබේ.
මෙතෙක් නීතිපති ධූරයේ කටයුතු කළ ඊවා වනසුන්දර මහත්මිය පසුගියදා ශ්‍රේෂ්ඨාධිකරණ
විනිසුරුවරියක ලෙස දිවුරුම්දීමත් සමග නීතිපති ධූරය පුරප්පාඩු විණි.
.
|