පත්වීම් ඉල්ලා ත්‍රිමලේ උපාධිධාරීහු උද්ඝෝෂණයක
පත්වීම් ඉල්ලා ත්‍රිමලේ
උපාධිධාරීහු උද්ඝෝෂණයක
ත්‍රිකුණාමලය විශේෂ – ඒ. ටී. එම්. ගුණානන්ද
(2012-07-16
02:58) නැඟෙනහිර පළාතේ උපාධිධාරීන්ට පත්වීම් ප්‍රදානය කිරීමේ මඩකළපුව හා
අම්පාර දිස්ත්‍රික්කවල උපාධිධාරීන්ට පත්වීම් ලබාදී ඇතැත් තමන්ට මෙතෙක් රැකියා සඳහා
පත්වීම් ලබාදී නැතැයි කියමින් ත්‍රිකුණාමලය උපාධිධාරීන් පිරිසක් අද (16) කින්නියා
ප්‍රාදේශීය ලේකම් කාර්යාලය ඉදිරිපිට උද්ඝෝෂණයක් පැවැත්වූහ.
2010, 2011 හා 2012 වසරවල විශ්වවිද්‍යාල උපාධිය සම්පූර්ණ කළ තමන්ට සම්මුඛ පරීක්‍ෂණ
පවත්වා ඇතැයි ද මෙතෙක් පත්වීම් කර නැතැයි ද මෙම උපාධිධාරීහු කියති.
පත්වීම් ලබාදෙන තෙක් බලා සිටියද මෙතෙක් නොලැබීම නිසා විරෝධතාවයකට තම පිරිස ආණ්ඩුව
ඇදදමා ඇතැයිද ඔවුහු කියති. විරෝධතා පුවරු ප්‍රදර්ශනය කරමින් සටන්පාඨ කියමින්
විරෝධතාවයේ යෙදුනු පිරිස 50කට ආසන්න විය. තමනට මේ සම්බන්ධයෙන් විසඳුමක් ලබාදීමට
නොහැකිවුවහොත් උපවාසයකට යන බවද පැවැසූහ.
.
|