හාරිස්පත්තුව බෝතොට විහාරයේ ප්‍රතිමා - චිත්‍ර විනාශවෙන්න හැරලා

හාරිස්පත්තුව බෝතොට විහාරයේ ප්‍රතිමා - චිත්‍ර විනාශවෙන්න හැරලා

පුංචි දඹුල්ල නමින් වන්දනාකරුවන් අතරේ ප්‍රචලිතයි

පුංචි දඹුල්ල නමින් ප්‍රකට හාරිස්පත්තුව බෝතොට ඓතිහාසික පුදබිමේ සංරක්ෂණ කටයුතු කඩිනම් නොකළොත් විනාශවීමේ අවදානමක් පවතී.

පුදබිමට බොදු බැතිමතුන් දහස් ගණනින් පැමිණ වන්දනා මාන කරති.

ඓතිහාසික දඹුල්ල විහාරස්ථානයේ චිත්‍ර, මූර්ති, කැටයම්, වැනි නිර්මාණ බෝතොට විහාරස්ථ පරිශ්‍රයේ දැකගත හැක. මහනුවර යුගයේ කලා සම්ප්‍රදායන් මෙම විහාර මන්දිරයෙන් විද්‍යාමාන වේ.

විහාර මන්දිරයේ ප්‍රධාන කොටස් තුනකි. සමාධි බුද්ධ ප්‍රතිමා තුනක්, දහඅට රියන් සැතපෙන බුද්ධ ප්‍රතිමාවක්, මෛත්‍රී බෝධිසත්ව ප්‍රතිමාවක්ද මෙහි ඇත.

අසූමහා ශ්‍රාවක ප්‍රතිමා ද විහාර පරිශ්‍රයේ ඇත. අසූමහා ශ්‍රාවකයන් වහන්සේලා චිත්‍රයටද නගා ඇත. විහාර මන්දිරය ඇතුළත සේම පිටතද බුදු සිරිතට අදාළව චිත්‍ර නිර්මාණය කර ඇති අයුරු දැකිය හැකිය.

විහාර මන්දිරයේ ප්‍රවේශ දොරටුවේ සඳකඩපහණකි.

විහාර මන්දිරය අභ්‍යන්තරයේ සිවිලිම පළාපෙති වලින් අලංකාර කර ඇති අතර පහත රට සම්ප්‍රදාය ඉස්මතු කරවන නිර්මාණ විහාර මන්දිරයෙන් දැකගත හැකිය.

ටැම්පිට විහාර මන්දිරයක් විහාරස්ථානයට අයත්ව තිබුණු බවට ජනවහරේ පවතී.

දහ අට රියන් බුද්ධ ප්‍රතිමා වහන්සේගේ ආලේපිත තීන්ත පතුරු වශයන් ගැලවී ගොස් තිබේ. චිත්‍ර, මූර්ති, විනාශ වෙමින් පවතී.

විහාරාධිපති මල්වතු විහාර පාර්ශවයේ කාරක සංඝ සභික පණ්ඩිත බෙන්තර ශ්‍රී සංඝරක්ඛිත රේවත හිමියෝ මෙසේ පැවසූහ.

විහාර මන්දිරයෙන් සම්ප්‍රදායන් රැසකට අයත් නිර්මාණ දැක ගත හැකියි.

පෘතුගීසි, ලන්දේශි හා ඉංග්‍රීසි සම්ප්‍රදායන්ද විහාරස්ථානයෙන් පිළිබිඹු වෙනවා. විහාර සංවර්ධන කටයුතු වලට ඔවුන් සහායවූ වෙන බවට සාක්ෂි තිබෙනවා.

විනාශ වෙමින් පවතින මූර්ති හා චිත්‍ර සංරක්ෂණය කරදීමට පුරා විද්‍යා නිලධාරීන් සහාය විය යුතුයි.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා