මුද්‍රණය සඳහා

 
සිසු උදාන නෙට්බෝල්  ශූරතාව ඒකාබද්ධ පාසල් පිලට

සිසු උදාන නෙට්බෝල්  ශූරතාව ඒකාබද්ධ පාසල් පිලට

ශ්‍රී ලංකා නෙට්බෝල් අතුරු කමිටුව විසින් මෙහෙයවනු ලැබූ අවුරුදු 21න් පහළ 'yes' නෙට්බෝල් තරගාවලියේ අවසන් වටයේ දී ලකුණු 40-11ක් ලෙස ජයග්‍රහණය අත්කරගත් ඒකාබද්ධ පාසල් කණ්ඩායම ශූරතාව අත්කර ගැනීමට සමත්විය. එහි අනුශූරතාව හිමිවූයේ කුරුණෑගල යුනියන් විදුහලටය. තුන්වැනි ස්ථානය කුරුණැගල ශුද්ධ වූ පවුලේ කන්‍යාරාම 'බී' කණ්ඩායමට හිමිවිය.

නාවලපිටිය ජයතිලක ක්‍රීඩාංගණයේ දී ඊයේ (15) පැවැති මේ තරගාවලියේ අවුරුදු 14න් පහළ සිසු උදාන නෙට්බෝල් ශූරතාව අත්කර ගැනීමට සමත්වූයේ අවසන් තරග වටයේ දී ලකුණු 11-4ක ජයක් වාර්තා කළ කුරුණෑගල ශුද්ධ වූ පවුලේ කන්‍යාරාම 'ඒ' කණ්ඩායමය. අනුශූරතාව එම කන්‍යාරාමයේ 'බී' කණ්ඩායම දිනා ගත්තේය. තුන්වැනි ස්ථානය ලකුණු 14-7ක ජයක් ලැබූ අනුරාධපුර එප්පාවල සිද්ධාර්ථ විදුහලට හිමිවිය.

නාවලපිටිය නගරාධිපති නිශාන්ත රණසිංහ මහතා සහ ක්‍රීඩා අධ්‍යක්ෂ ජෙනරාල් රංජනී ජයකොඩි මහත්මියගේ ප්‍රධානත්වයෙන් අවසන් තරග පැවැත්විණි.


ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත‍්‍ර සමාගම
© 2012 සියලු හිමිකම් ඇවිරිණි.
ඔබගේ අදහස් හා යෝජනා අපි අගයන්නෙමු
webmanager@lakehouse.lk