කඩුලු පැනීමේ ලෝක ශූරියට අනපේක්ෂිත පරාජයක්
කඩුලු පැනීමේ ලෝක ශූරියට අනපේක්ෂිත පරාජයක්
කඩුලු පැන දිවීමේ ලෝක ශූරිය වන ඔස්ට්‍රේලියාවේ සැලී පියර්සන්ට පසුගියදා ලන්ඩන්
ඩයමන්ඩ් ලීග් මලල ක්‍රීඩා තරගාවලියේ දී අනපේක්ෂිත පරාජයකට මුහුණදීමට
සිදුවිය. ලන්ඩන් නුවර ක්‍රිස්ටල් පැලස් හී පැවැති මේ තරගාවලියේ මීටර් 100 කඩුලු
පැන දිවීමේ තරග ඉසව්වේ දී සැලී පරාජය කිරීමට සමත්වූයේ අමෙරිකාවේ කෙලී
වේල්ස්ය. පසුගිය වසරේ ලෝක මලල ක්‍රීඩා ශූරතාවලියේ රන් පදක්කම්ලාභී සැලී තරග
34කින් යුතු සිය වෘත්තීය තරග දිවියේ මේ ඉසව්ව පරාජය වූයේ දෙවැනි වරටය.
කෙලී පළමු ස්ථානය දිනාගනු ලැබුවේ තත්පර 12.57කින් තරගය නිමා කරමින්ය. දෙවැනි
ස්ථානය ලැබූ සැලීට තරගය නිමාකිරීමට ගතවූ කාලය තත්පර 12.59ක් විය.
ක්‍රීඩාලෝලීන් විමතියට පත්වූ මේ පරාජය පිළිබඳ සැලී ප්‍රකාශයක් නොකළත්
තරගයේ ජයග්‍රහණය අත්කර ගැනීමේ ප්‍රීතිය සමරමින් කෙලී පැවැසුවේ මේ
ජයග්‍රහණය ඇය අප්‍රමාණ සතුටට පත්කළ එකක් වන බවය. එමෙන්ම තමා තරගය නිමාකළ
ආකාරය අනුව කිසිවෙකුටත් තමා පරාජය කිරීමට නොහැකි වන බවත් ඇය පැවැසීය.
තරගයේ තුන්වැනි ස්ථානය හිමිවූයේ අමෙරිකාවේ වර්ජිනියා පවෙල්ටය. ඇයට ගතවූ කාලය
තත්පර 12.74කි. තත්පර 12.82කින් තරගය නිමාකළ අමෙරිකාවේහිම ක්‍රිස්ටි
කැස්ටිලින්ට සිවුවැනි ස්ථානය අත්විය.
.
|