දුලාජ්ට පළාත් සභාවේ ප්‍රණාමය
දුලාජ්ට පළාත් සභාවේ ප්‍රණාමය
මැද කොළඹ සමුහ
වයිමන් හෙට්ටිආරච්චි
ආසියානු ක්‍රීඩා උළෙලේදී ශ්‍රී ලංකාවට රන් පදක්කමක් හිමිකර දුන් දුලාජ
මදුශංඛ ශිෂ්‍යයාට බස්නාහිර පළාත් සභාව තම ප්‍රණාමය පුදකර සිටියේය.
සභාපති සුනිල් විජේරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති එම පළාත් සභා මෙවර
රැස්වීමේදී පෞද්ගලික මන්ත්‍රිවරුන්ගේ කරුණු පැහැදිලි කිරීම යටතේ ගම්පහ
දිස්ත්‍රික් මන්ත්‍රි රන්ජිත් තිලකසිර මහතා ප්‍රකාශයක් කරමින් මෙම පදක්කම්
ලබා දීම ඇගයීමට ලක් කළේය.
සුසන්තිකා හා දර්ශාට පසු පදක්කමක් ශ්‍රී ලංකාවට ලබා දුන් දුලාජ ශිෂ්‍යා මෙන්ම
එම ක්‍රීඩා පුහුණුකරුද රටේම ප්‍රණාමය ලැබිය යුතු බව තිලකසිරි මන්ත්‍රිවරයා
කීය.
.
|