ජාතික එල්ලේ අවසන් වටයට කණ්ඩායම් 16ක්

ජාතික එල්ලේ අවසන් වටයට කණ්ඩායම් 16ක්

ශ්‍රී ලංකා එල්ලේ සම්මේලනය මෙහෙයවන සී.එස්.එන්.ජාතික එල්ලේ තරගමාලාවේ ක්‍රීඩා සමාජ 79 අතරින් අවසන් කොටසේ කණ්ඩායම්16ක් තේරි පත්විය.

පෑලියගොඩ රංගිකා, රංගමුල්ල එක්සත්, ඉද්දගොඩැල්ල රණහංස, වල්පළ සොහොයුරෝ, මුදුන්ගොඩ හංස, දළුකොටුව ජනපද, ජෙසින්ටාවත්ත රශ්මී, මාටගොඩ ආනන්ද, තොටලඟ අරුණ, කිත්තම්පහුව ගිමිණි, මහබාගේ සාන්ත ජුඩ්, මුහුදු කොටුව පාතිමා, යක්කඩුව වීර ගාමිණි, හුණුපිටිය ශ්‍රී එකමුතු, උදම්මිට ගාමිණි, කෝපිවත්ත ජයශ්‍රී ‍මේ කණ්ඩායම් වේ. අවසන් කණ්ඩායම් 16සඳහා නිල ඇදුම් ලබාදීම ජාඇළ උදම්මිට කෲස්වත්ත ගාමිණි ක්‍රීඩාංගණයේදී සිදු කෙ‍රිණි.

මේ සඳහා සී.එස්.එන් මාධ්‍ය ජාලය හා සිංහ එෆ්.එම් නාලිකා ප්‍රධානි යසරා අබේනායක මෙනෙවිය දායකත්වය ලබා දුන්හ.

 

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා