ඔලිම්පික් ඉතිහාසයෙන් බිඳක්
ඔලිම්පික් ඉතිහාසයෙන් බිඳක්
ඔලිම්පික් ක්‍රීඩා තරගවලට වැඩි දවසක් නැත. ජූලි 27 පටන් ගෙන අගෝස්තු 20 අවසන්
වෙයි. තරගවලට අපෙන් කට්ටියක් යන නිසා ඔලිම්පික් තරග ඉතිහාසයෙන් බිඳක්
සටහන් කිරීමට කැමැත්තෙමු. ගී‍්‍රසියේ ඔලිම්පියාඩ් නුවර දී ක්‍රිස්තු පූර්ව 8
වන ශත සංවත්සරයේ ඔලිම්පික් ක්‍රීඩා මුලින්ම ආරම්භ වූ බව ඉතිහාසයේ සඳහන් වෙයි.
ඊට පසු 1894 වසරේ අන්තර්ජාතික ඔලිම්පික් කමිටුව ආරම්භ කළේ පියරෙඩේ කුබොටීන්
විසින් බව ද කියවේ.
අපි ඔලිම්පික් රිදී පදක්කමක් ප්‍රථම වතාවට දිනාගත්තේ 1948
දීය. මීටර 400 කඩුලු පැනීමෙන් ලැබූ ඒ ජයග්‍රහණය ගැන කියන කතාවක් ද මෙහිදී අපට
සිහිපත් වෙයි. පදක්කම දිනූ ඩන්කන් වයිට් කඩුල්ලක් පැන පස්ස හැරී නොබැලුවා නම්
රන් පදක්කම දිනන බව එදා ඔලිම්පික් දැකබලා ගත් අය කියති.
ශ්‍රී ලංකාවට නිදහස
ලැබුණු හැටියේම ඔලිම්පික් රිදී පදක්කමක් දිනාගත්තා නම් ඉස්සරහට මොනවා
දිනාගනීවිදැයි පිටරට සුද්දන් හා ඔවුන්ට කත් අදින අපේ කළු සුද්දන් ද
ඊර්ෂ්‍යාවෙන් කියා තිබුණු බව පළ වෙයි.
1948 න් පසු පත් වූ එක්සත් ජාතික පක්‍ෂ
ආණ්ඩුව ක්‍රීඩාවට ඒ තරම් අනුග්‍රහයක් දක්වා නැත. පොඩ්ඩක්වත් අනුග්‍රහය
ලැබුණේ පාපන්දුවලට ය. ඒක පොඩි මිනිහාගේ ක්‍රීඩාවක් නිසා කවුරුත් ඒ ගැන වැඩි
උනන්දුවක් දැක්වූයේ නැත.
එයට හේතුව ඉංගී‍්‍රසි කතා කරන සල්ලිකාරයන්
ක්‍රිකට්වලට ඕනෑවටත් වඩා අනුග්‍රහය ලබාදුන් නිසාය. 1965 බලයට පත්වූ යූඑන්පී
ෆෙඩරල් ආණ්ඩුවේ අගමැති ඩඩ්ලි සේනානායක මහතා ප්‍රථම වතාවට ක්‍රීඩා
අමාත්‍යාංශය ආරම්භ කොට එම අමාත්‍යාංශය පාපන්දුකාරයෙකු වන ඩී. ඒ.
සුගතදාසට භාරදුන්නේ ය.
දැන් යළිත් අපි ඔලිම්පික් ගැන කතා කරමු. ඩන්කන් වයිට්
රිදී පදක්කම දිනුවාට පසු රිදී පදක්කමක් ගෙනාවේ ඈත එපිට වරකාපොළ පුංචි
ඉස්කෝලෙක ඉගෙනගත් සුසන්තිකා ජයසිංහය.
එම තරගයේ දී රන් පදක්කම දිනූ මේරියන්
ජෝන්ස් තහනම් උත්තේජක පාවිච්චිය නිසා රන් පදක්කම ඇයගෙන් ආපසු ගත්තේය. අපට
කියන්නට අවශ්‍ය වන්නේ 2020 දී අපි ඊට වඩා රන් පදක්කම් දිනන බවය.
එයට හේතුව
ඔලිම්පික් තරගවලට විස්සයි විස්ස ක්‍රිකට් තරග ඇතුළු කිරීමට කටයුතු කරන නිසාය.
අද අපේ ක්‍රිකට් කොල්ලන්ටත් වඩා හෙට අනිද්දා බිහි වන තරුණ කොල්ලෝ විස්සයි විස්ස
තරගවලින් ඔලිම්පික් ක්‍රිඩාවලියේ රන් පදක්කම් ගෙන ලෝකයම බබළවනු ඇත.
මහින්ද
.
|