නේටෝ සැපයුම් මාර්ග යළි විවෘත කිරීමට එරෙහිව පාකිස්තානයේ ඉල්සාම්වාදීහු
උද්ඝෝෂණයේ
නේටෝ සැපයුම් මාර්ග යළි විවෘත කිරීමට එරෙහිව පාකිස්තානයේ ඉල්සාම්වාදීහු
උද්ඝෝෂණයේ
ක්වෙටා හී දී - ඒ.එෆ් .පී.
පාකිස්තානය විසින් අමෙරිකාව සමඟ ඇතිකරගෙන ඇති සබඳතාවටත්, නේටෝ සැපයුම්
මාර්ග යළි විවෘත කිරීමටත් එරෙහිව එරට ඉස්ලාම්වාදීහු 5000ක් පමණ පෙරේදා
විරෝධතා පවත්වා ඇත .
පාකිස්තානය ආරක්ෂා කරගැනීමේ සභාගයේ කළු සුදු ඉරි සහිත ධජය රැගත් බස් රථ,
ට්‍රක් රථ ද විශාල සංඛ්‍යාවක් මේ විරෝධතාවට එක් වූ බව සඳහන් .
විරෝධතාකරුවන් පාකස්තාන්-ඇෆ්ගනිස්තාන් දේශ සීමාව දක්වා කි.මී. 120ක් පමණ
දුරක් විරෝධතා පා ගමනේ යෙදී තිබේ. පසුගිය නොවැම්බර් මාසයේ පාකිස්තාන් හමුදා
භටයන් 24 දෙනෙක් නේටෝ හමුදා විසින් ඝාතනය කිරීමට විරෝධය දක්වමින් වසා දැමූ
සැපයුම් මාර්ගය යළි පසුගිය 3දා විවෘත කරන ලදි .
මේ සැපයුම් මාර්ගය යළි විවෘත කිරීමට හැකිවීම අමෙරිකන් රාජ්‍ය ලේකම් හිලරි
ක්ලින්ටන්ගේ මෙන්ම පාකිස්තාන් විදේශ කටයුතු ඇමතිනී හයිනා රබානි කාර් ගේ
පැසසුමට ලක්වී තිබේ.
විරෝධතාකරුවන් ස්වකීය ගමනාන්තයේ ඉලක්කය වූ දේශසීමාවේ චාමන් නගරයට ඊයේ
සම්ප්‍රාප්ත වීමට නියමිත විය.
.
|