සිරියාවේ සිවිල් වැසියෝ 150ක් මරා දමති
සිරියාවේ සිවිල් වැසියෝ 150ක් මරා දමති
ඩැමස්කස් හී දී -ඒ.එෆ්.පී.
සිරියාවේ ට්‍රෙයිම්සා ගම්මානයට ආරක්ෂක භටයන් විසින් පෙරේදා එල්ල කළ
ප්‍රහාරයකින් නිවැසියන් 150කට අධික පිරිසක් මිය ගිය බව වාර්තා වේ .
එම සිද්ධිය සම්බන්ධයෙන් සොයා බැලීමට සෙනසුරාදා එහි ගිය ජගත් සංවිධාන කමුටු
දූත පිරිස ප්‍රකාශකර ඇත්තේ එම ප්‍රහාරයේ මූලික ඉලක්කය වී ඇත්තේ
කැරළිකරුවන්ගේ සහ ක්‍රියාකාරීන්ගේ නිවාස බවයි .
එම සංහාරය සඳහා බර අවි යොදාගත් බවට සාක්ෂි ඇති බවත් තමන්ට දක්නට ලැබුණේ දරුණු
මිනිස් සංහාරයක ඛේදවාචකයක් බවත් දූත පිරිසේ ප්‍රකාශක සූසන් ගොෂේ වැඩි
දුරටත් පවසා ඇත .
මේ ප්‍රහාරයට රජයේ හමුදාවට සහාය දක්වන ෂබීහා නැමැති සටන්කාමී කල්ලියක් ද
එක්වූ බවට කැරළිකරුවෝ චෝදනා කරති .
2011 මාර්තුවේ දී රාජ්‍ය විරෝධි කැරැල්ල ආරම්භ වූ තැන් පටන් සිදුවූ දරුණුතම
සංහාරය මෙය බව සිරියාවේ මානව අයිතිවාසිකම් නිරීක්ෂණ මධ්‍යස්ථානයේ රමී
අබ්දෙල් රහ්මන් පවසයි. මේ අතර සිරියානු හමුදාව පවසන්නේ තමන් ඝාතනය කළේ
ත්‍රස්තවාදීන් බවයි.
මේ අමානුෂික මිනිස් සංහාරය තරයේ හෙළා දකින ජගත් මහ ලේකම් බැන් කී මූන් සිරියාවේ
ලේ වැගිරීම වහා නතර කිරීමට පියවර
ගන්නා ලෙස ජගත් ආරක්ෂක කවුන්සලයෙන් ඉල්ලා ඇත .
.
|