2012ට අදාළ ගුරුවරුන්ගේ හිඟ වැටුප් වහා ගෙවන්න
2012ට අදාළ ගුරුවරුන්ගේ හිඟ වැටුප් වහා ගෙවන්න
* ජාතික පාසල්වලට
රුපියල් දසලක්ෂ 145ක් * උපකෘත පාසල්වලට
රුපියල් දසලක්ෂ 76ක්
සුභාෂිණි සේනානායක
වසර 2012 ට අදාළ සියලු හිඟ ගුරු වැටුප් ගෙවන ලෙසට අධ්‍යාපන අමාත්‍ය බන්දුල
ගුණවර්ධන මහතා නියෝග කොට තිබේ.
මේ අනුව 2012 වසරට නියමිත ජාතික පාසල් , උපකෘත
පාසල් , සහ පිරිවෙන් පාසල්වල ගුරු හිඟවැටුප් ගෙවීම සඳහා රුපියල් දසලක්ෂ 279
ක් පමණ පළාත් වලට නිදහස් කොට තිබේ.
මේ අනුව මහාභාණ්ඩාගාරයේ ලේකම් ආචාර්ය පී බී
ජයසුන්දර මහතාගේ නියෝගය මත හිඟ වැටුප් ගෙවීමට අදාළ මුදල් යවා තිබේ.
ජාතික පාසල්වලට රුපියල් දසලක්ෂ 145ක් උපකෘත පාසල්වලට රුපියල් දසලක්ෂ 76ක්
මහ පිරිවෙන් පාසල්වලට රුපියල් දසලක්ෂ 57ක්ද මහා භාණ්ඩාගාරය මුදා හැර තිබේ.
මේ අනුව 2012 වසරට අදාළව හිඟ ගුරු වැටුප් ප්‍රශ්ණය විසදා අවසන් කළ බව අධ්‍යාපන
අමාත්‍යාංශය නිවේදනය කරයි.
.
|