2012 ඔලිම්පික් උළෙල නිමිත්තෙන් නව තැපැල් මුද්දර හතරක්
2012 ඔලිම්පික් උළෙල නිමිත්තෙන්
නව තැපැල් මුද්දර හතරක්
උපාලි කරුණාරත්න
2012 ඔලිම්පික් ක්‍රීඩා උළෙල නිමිත්තෙන් තැපැල් දෙපාර්තමේන්තුවේ මුද්දර
කාර්යාංශය රුපියල් පහ පහළොව විසිපහ හැත්තෑ පහ වටිනාකම් වලින් යුත් නව තැපැල්
මුද්දර හතරක් සිහිවටන පත්‍රිකාවක් සහ මුල් දින කවරයක් අනිද්දා(23) නිකුත්
කරයි.
මෙම උත්සවය කොළඔ බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් නිළ නිවසේ දී එදින
පස්වරුවේ පැවැත්වේ.
මෙම අවස්තාව සඳහා තැපැල් සේවා ඇමති ජීවන් කුමාරතුංග,ක්‍රීඩා
ඇමති මහින්දානන්ද අලුත්ගමගේ,ශ්‍රී ලංකා ඔලිම්පික් කමිටුවේ සභාපති සහ
ආසියානු ඔලිම්පික් කමිටුවේ උප සභාපති තැපැල් සේවා අමාත්‍යංශයේ ලේකම් හේමසිරි
ප්‍රනාන්දු,තැපැල්පති රෝහණ අභයරත්න,ශ්‍රී ලංකාවේ බ්‍රිතාන්‍ය මහ කොමසාරිස්
ජෝන් රැන්කින් යන මහත්වරු සහ ආරාධිතයෝ රැසක් සහභාගි වෙති.
.
|