මන්නාරම සිද්ධියට ජනපති උපදෙසින් විධිමත් පරීක්‍ෂණයක්

මන්නාරම සිද්ධියට ජනපති උපදෙසින් විධිමත් පරීක්‍ෂණයක්

මන්නාරම සිද්ධිය සම්බන්ධයෙන් පුළුල් හා විධිමත් පරීක්‍ෂණයක් පවත්වන ලෙස ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා පොලිස්පති එන්. කේ. ඉලංගකෝන් මහතාට ඊයේ (20) රාත්‍රියේ නියෝග කර ඇත.

මේ සිද්ධියට අදාළ පරීක්‍ෂණ කටයුතු අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවට කරගෙන යාමට බාර දෙන ලෙස නියෝග කර ඇති ජනාධිපතිවරයා කිසිවකුගේ තරාතිරම නොබලා අදාළ අයගෙන් ප්‍රශ්න කරන ලෙසටත් උපදෙස් දී ඇත.

මේ සිද්ධිය සම්බන්ධයෙන් වාර්තාව කඩිනමින් තමාට බාරදෙන ලෙසටද ජනාධිපතිවරයා වැඩිදුරටත් උපදෙස් ලබාදී ඇත.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා