රාමලාන් උපවාසය ඇරැඹේ
රාමලාන් උපවාසය ඇරැඹේ
රුසෙයික් ෆාරුක්
ඉස්ලාම් බැතිමතුන්ගේ රාමලාන් උපවාස සමය ඊයේ (20) ආරම්භ විය.
ඊයේ (20) රාත්‍රී කොළඹ මහ පල්ලියේ දී නව සඳ දැකීම සම්බන්ධව විශේෂ රැස්වීමක්
ජමියතුල් උලමා සම්මේලනයේ ප්‍රධානත්වයෙන් පැවති අවස්ථාවේ දී රටේ ප්‍රදේශ
කීපයකින්ම නව සඳ දැකීම වාර්තා වූ බැවින් ඊයේ සිට රාමලාන් උපවාස සමය ආරම්භ වුණු
බව එම සම්මේලනය නිවේදනය කළේය.
සමස්ත ලෝක මුස්ලිම් බැතිමත්හු ඊයේ සිට දින 30ක්
පුරා රාමලාන් උපවාසයේ නිරතවෙමින් විවිධ ආගමික වතාවත් සිදු කරති.
.
|