ගාලු වරායේ නවතා ඇති ‘ලංකා මුදිත ’ නැව දිරාපත්වීම අපරාධයක්

ගාලු වරායේ නවතා ඇති ‘ලංකා මුදිත ’ නැව දිරාපත්වීම අපරාධයක්

මසකට වියදම ලක්ෂ පහළවයි

ගාල්ල වරායේ නව ජැටියේ වසර එකයි මාස හයකට අධික කාලයක් නතර කර ඇති ලංකා මුදිත නැව, කිසිදු ප්‍රයෝජනයකට නොගෙන ගාල් කර ඇතැයි, ගාල්ල වරාය අධිකාරියේ ප්‍රකාශකයෙක් පැවැසීය.

මෙම නැවට සේවක වැටුප් හා වෙනත් වියදම් සඳහා මසකට රුපියල් පහළොස් ලක්‍ෂයකට ආසන්න මුදලක් වැය කෙරේ. මෙයට අමතරව, නැවට පිටතින් විදුලිය රැගෙන ඇති නිසා එම ගාස්තු ද වැය කිරීමට ඇත්තේ නැව් සංස්ථාවටය. එසේ නැතිනම මධ්‍යම ආණ්ඩුවටය.

මෙම නැව 2010 දී වෙන්දේසි කර යළිත් නැව් සංස්ථාවම මිලදී ගෙන ඇත. මෙම නැව යකඩවලට හෝ විකිණීමට ඇති තත්ත්වයද ගිලිහී ඇති අතර කිසිදු ප්‍රතිසංස්කරණයක් නොකිරීම නිසා නැව මළ කමින් පවතින බවද වරාය ආරංචි මාර්ග කියයි.

මෙම මහා දේපළ එක්කෝ ප්‍රයෝජනවත් ආකාරයට යෙදවිය යුතු අතර නැතහොත් එය ප්‍රතිසංස්කරණයක් සිදු කිරීම කළ යුතු බව වරායේ නිලධාරීන්ගේ හා සේවකයන්ගේ අදහසයි.

පසුගිය යුද සමයේ මෙම නැව උතුරු / නැගෙනහිර සේවා සඳහා යෙදවීය. ඓතිහාසික බවක් ඇති මෙම නැව ආරක්‍ෂා කිරීමට පියවර ගත යුතු බවද නැවෙහි කාර්ය මණ්ඩලය පවසයි.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා