දුම්රිය දෙපාර්තුමේන්තුවේ යකඩ සොරකම් කිරීමේ මහා පරිමාණ ජාවාරමක්
දුම්රිය දෙපාර්තුමේන්තුවේ
යකඩ සොරකම් කිරීමේ
මහා පරිමාණ ජාවාරමක්
නිමල් රාජපක්ෂ
ඩිමෝ බට්ටා වෑන් රථ උපයෝගී කරගෙන දුම්රිය දෙපාර්තුමේන්තුවේ යකඩ
සොරකම් කිරීමේ මහා පරිමාණ ජාවාරමක් මින්නේරිය ප්‍රදේශයෙන් වාර්තාවෙයි.
ගල්ඹය මින්නේරිය දුම්රිය ස්ථාන අතර දුම්රිය මාර්ගය දෙපස ඝන කැලෑ ප්‍රදේශයක්
බැවින් දුම්රිය මාර්ගයේ යකඩ ඇන හා බෙයාරින් ප්ලේට් ගැලවීම සරුවට කෙරෙන බවද
අනාවරණය වෙයි.
පසුගිය සතියේ දිනක යකඩ ජාවාරම්කරුවන් මින්නේරිය දුම්රිය
මාර්ගයේ යකඩ ඇන පන්සියයකට වැඩි ප්‍රමාණයක් ගලවා යකඩ ජාවාරම්කරුවනට අලෙවි
කිරීමට දැරූ ප්‍රයන්තයක්ද දුම්රිය ආරක්ෂක හමුදාවේ මැදිහත් වීම නිසා නිශ්ථල වී
තිබේ.
දුම්රිය ආරක්ෂක හමුදාව යකඩ ඇන ජාවාරම සොයා ගත් නිසා දුම්රිය පීලි
පැන සිදුවීමට ගිය විශාල අනතුරක් වැලකී ගියේය.
වෑන්රථ වලින් එකතු කරන යකඩ බොහොමයක් පරණ යකඩ වලට හෝ මරණාධාර සමිතිවල පියැසි
ඉදිකිරීම සදහා අලෙවි කර ඇත.
බෙයාරින් ප්ලේට් උපයෝගී කරගෙන මරණාධාර සමිතිවල
පියැසි ඉදිකර ඇත්නම් දුම්රිය ආරක්ෂක නිලධාරීන් වැටලීම් කිරීමට පෙර දුම්රිය
දෙපාර්ත්තුමේන්තුවට බාර දිය හැකිය. එසේ නොකර බෙයාරින් ප්ලේට් භාවිතා කරන්නන්
පිළිබද තොරතුරු ලදහොත් ඔවුනට විරුද්ධව නීතිමය පියවර ගන්නා බවද දුම්රිය
ආරක්ෂක සේවය පවසයි.
ගල්ඔය මින්නේරිය දුම්රිය ස්ථාන අතර දුම්රිය මාර්ගයේ ආරක්ෂාව
තර කරන්නේනම් දුම්රිය දෙපාර්තුමේන්තුවේ හා දුම්රිය මාර්ගයේ යකඩ සොරකම්
කරන්නන් කොටුකර ගත හැකිවනු නොඅනුමානය.සිද්ධිය පිළිබඳ දුම්රිය ආරක්ෂක
හමුදාව මින්නේරිය පොලිසියේ සහාය ඇතිව වැඩිදුර පරීක්ෂණ පවත්වයි.
.
|