මන්නාරම සිද්ධියේදී පොලිසියට මල් මිටක්
මන්නාරම සිද්ධියේදී
පොලිසියට මල් මිටක්
මන්නාරම මහේස්ත්‍රාත් අධිකරණය අසල පසුගිය 18 වැනි දින පැවැති උද්ඝෝෂණය
මර්දනය කිරීමේදී මන්නාරම පොලිස් අධිකාරීවරයා ඇතුළු පොලිස් නිලධාරීන්
බුද්ධිමත්ව කටයුතු කළ ආකාරය සම්බන්ධයෙන් මන්නාරම ප්‍රදේශයේ නීතී ක්ෂේත්‍රයේ
ප්‍රවීණයෝ ප්‍රසාදය පළ කර තිබේ.
අධිකරණ සංකීර්ණයට ගල් මුල් ප්‍රහාර එල්ල කරමින් කලහකාරී ලෙස හැසිරුණු
පිරිස් මර්දනයේදී පොලීසිය විනයානුකූලව ක්‍රියා කළ නිසා, මතු විය හැකිව තිබූ
අර්බුදයක් වැළකී ගිය බවද ඔවුහු පවසති.
කිසිදු සිවිල් වැසියකුට හානියක් වීමට ඉඩ
නොතබා නීතිය හා සාමය සුරැකීමේ වගකීම අකුරටම ඉටු කළ පොලීසියට නීති ක්ෂේත්‍රයේ
ප්‍රවීණයන්ගේ ප්‍රසංශාව ද හිමිව තිබේ.
ඇතැම් උද්ඝෝෂණවලදී පොලීසිය ක්‍රියා
කළ ආකාරය සම්බන්ධයෙන් එල්ල කෙරුණු විවේචනවලට මෙමඟින් හොඳ පිළිතුරක් ලබා
දෙන්නටත් පොලීසිය සමත්විය.
කහවත්ත ප්‍රදේශයේ ඝාතන සිද්ධීන් සම්බන්ධයෙන් විමසිලිමත්ව කටයුතු කළ
පොලිසිය එම ඝාතන 14 න් 13 කම සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට සමත්ව තිබේ.
පාතාලය හා කුඩු ජාවාරම මඬිමින් පොලීසිය කටයුතු කරන ආකාරය ජනතාවගේ ද
ඇගයීමට ලක්ව ඇත.
.
|