කුඩු ජාවාරම්කරුවෙක් හා පාතාල නායකයෙක් වූ කුඩු චූටි කොටු වෙයි
කුඩු ජාවාරම්කරුවෙක් හා පාතාල නායකයෙක් වූ
කුඩු චූටි කොටු වෙයි
විජයානි එදිරිසිංහ
මහා පරිමාණ කුඩු ජාවාරම්කරුවකු මෙන්ම පාතාල නායකයකු වූ නිහාල් පීරිස්
නොහොත් ‘කුඩු චූටි’ නැමැත්තා කොළඹ අපරාධ කොට්ඨාසය මගින් පසුගිය 18දා රාත්‍රියේ
ගණේමුල්ල ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබේ.
කාලයක් තිස්සේ රට පුරා හෙරොයින් බෙදා හැරීමේ පාතාල නායකයකු වූ ‘කුඩු ලාල්’
නැමැත්තාගේ සොහොයුරා කුඩු චූටි බව පොලිසිය කියයි.
කුඩු ලාල් මීට වසර දෙකකට පමණ පෙර දේශපාලනඥයකුගේ සහාය මත විදේශ රටකට
පැන ගෙන තිබේ.
කුඩු චූටි ද කාලයක් විදේශගතව සිට ආපසු පැමිණ හොර රහසේ ගණේමුල්ල
ප්‍රදේශයේ සැඟවී සිට ඇත.
මිනීමැරුම් ගණනාවක් සම්බන්ධව මොහුට එරෙහිව වරෙන්තු හයක්ද තිබේ.
මාලිගාවත්ත කොටුව ප්‍රදේශවල කප්පම්ලබා ගැනීමේ අපරාධවලට චෝදනා ලැබ සිටී.
පාතාල අපරාධකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා පොලිසිය කරගෙන යන මෙහෙයුම්වල
ප්‍රතිඵලයක් වශයෙන් මොහු අත්අඩංගුවට ගැනීමට හැකිවී ඇත.
බස්නාහිර දිසාව බාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අනුර සේනානායක, කොළඹ ප්‍රදේශය
බාර නියෝජ්‍ය පොලිස්පති ගුණවර්ධන, කොළඹ අපරාධ කොට්ඨාසයේ අධ්‍යක්‍ෂ පොලිස්
අධිකාරී සී. ආර්. එල්. රණවීර මහත්වරුන්ගේ උපදෙස් සහ අධීක්ෂණය යටතේ
ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක හේමන්ත දික්ඕවිට පොලිස් පරීක්ෂකවරුන්
වන ඉන්දික එදිරිසුරිය, රජීව හෙට්ටිආරච්චි සහ නාලක ගුණවර්ධන යන අය සැකකරු
කොටු කර ගත්හ.
.
|