එජාපයට පුළුවන්නම් නැ‍ඟෙනහිරින් මන්ත්‍රීවරුන් 6ක් පත්කර පෙන්වන්න

සන්ධානයේ දිග පළල නොසොයා

එජාපයට පුළුවන්නම් නැ‍ඟෙනහිරින් මන්ත්‍රීවරුන් 6ක් පත්කර පෙන්වන්න

ඇමැති ඩලස්ගෙන් රනිල්ට අභියෝගයක්

එක්සත් ජනතා නිදහස් සන්ධානයේ අඩුපාඩු ‍සොයමින් එහි දිග පළල මනින්ට උත්සහ දරන්නේ සන්ධානය ගැන නිසි වැටහිමක් හෝ දැනුමක් නොමැති පිරිස් විසින් යැයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂ පක්ෂයේ භා‍ණ්ඩාගාරික යෞවන කටයුතු හා නිපුණතා සංවර්ධන ඇමැති ඩලස් අලහප්පෙරුම මහතා ප්‍රකාශ කළේය.

සන්ධානයේ සියලු පක්ෂ ජනාධිපතිතුමාගේ නායකත්වය හා මහින්ද චින්තන ප්‍රතිපත්ති ප්‍රකාශය පිළිගෙන ඊට එරෙහිව නොයමින් ආණ්ඩුව තුල සිටිමින් මැතිවරණයට ඉදිරිපත් වන බව කී අලහප්පෙරුම මහතා මුස්ලිම් කොංග්‍රසය තනිව තරග කිරීම පිළිබදව එජාපය පවසන පරිදි සන්ධානයට කිසිම ගැටලුවක් නොමැති බවද ඇමැතිවැයා කීවේය.

මේ පිළිබඳ ව ගැටලු මතු කරන්නට උත්සහ දරන එපාපයේ මන්ත්‍රිවරුන්ට පුලුවන් නම් තම පක්ෂ නායකයා සමඟ එකට ඉදගෙන පින්තූරයක් ගෙන පෙන්වන්නැයි තමා අභියෝග කරන බවද අලහප්පෙරුම මහතා පැවසීය.

එක්සත් ජනතා නිදහස් සන්ධානය තුළ එවැනි ගැටලු නොමැති බවත් සන්ධානයේ කිසිම අයෙක් නායකයත්වයට හෝ තනතුරුවලට ගැටලු ඇති කර ගන්නේ නැති බවත් හෙතෙම අවධාරණය කළේය. සන්ධානයේ පක්ෂ සියල්ල අවශ්‍ය තැන්වලදී අවශ්‍ය අයුරින් කටයුතු කිරීමට හොදින් දන්නා බවද පැවසු අලහප්පෙරුම මහතා මේ රටේ පැවතියේ මැතිවරණ ඉල්ලා උසාවි ගිය ඉතිහාසයක් බවද කීවේය.

අද මැතිවරණ ලබා දීමෙන් එජාපයට ඔරොත්තු නොදෙන තත්ත්වයක් තිබෙන බවත් හෙතෙම පැවසීය. ඕනෑම රටක සන්ධානයක් බලයට පත්වුවහොත් සාමාන්‍යයෙන් සන්ධානය තුළ ඉදිමින් තනිව තරග කිරීම වැනි අවස්ථා මතු වන බව කී ඇමැතිවරයා ඉන්දියාව ඒ සඳහා හොඳම උදාහරණයක් බවද කීවේය.

මුස්ලිම් කොංග්‍රසය තනිව තරග කිරීම ගැන මත පළ කරන එජාපයට පුලුවන් නම් නැගෙනහිර පළාත් සභාවෙන් මන්ත්‍රිවරු 6 ක් පත් කර ගෙන පෙන්වන්නැයි අභියෝග කරන බවත් හෙතෙම වැඩි දුරටත් ප්‍රකාශ කළේය.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා