මරණ දැන්වීම්




මල්ලවආරච්චි අමිත -
(ස්ටැන්ඩර්ඩ් චාර්ටඩ් බැංකුවේ විශ්‍රාමික මුල්‍ය මෙහෙයුම් කළමනාකාර - සභාපති - කොටහේන කුමාර විද්‍යාලීය ආදි ශිෂ්‍ය සංගමය, කැලණිය රොටරි සමාජයේ සාමාජික) කුසුම් (විශ්‍රාමික පාඨශාලා ආචාරිණී)ගේ ආදරණීය ස්වාමි පුරුෂයා වූද, දිනේෂ් (පෙරාජ් මයිනිං සමාගම) වරුණ (නීතිඥ) ප්‍රියංග (ඕස්ට්‍රේලියාව) සහ ලලින් (කැනඩාව) ආදරණීය පියාණන් වූද, ඇනට්, කාංචනා (නීතිඥ) වනීෂා (ඕස්ට්‍රේලියාව) නීසා (කැනඩාව) යන අයගේ ආදරණීය මාමණ්ඩිය වූද, හෂේන් හා ඩෙවෝන් (ගේට්වේ පාසල රාජගිරිය) කීෂා හා තෙහාන් (ගේට්වේ පාසල මහනුවර) හා ගයාන්, අමික්, ඇලෙක්ස් සහ මායා (ඕස්ට්‍රේලියාව) සහ සෙත් (කැනඩාව) යන අයගේ සීයා වූද, නැසීගිය ප්‍රේමලතා, ලලිතා යන සොහොයුරියන්ගේ හා චන්ද්‍රා නන්දසිරි, ජෝති, රත්නසිරි, සුසිලා යන අයගේ සොහොයුරා වුද, අමිත මල්ලවආරච්චි මහතා අභාවප්‍රාප්ත විය. දේහය 56/1, ධර්මපාල මාවත, මාදිවෙල කෝට්ටේ නිවසේ තැන්පත් කර ඇති අතර අවසන් කටයුතු ජුලි 21 වන සෙනසුරාදා සවස 5.00 ට බොරැල්ල පොදු සුසාන භූමියේදී. නිවසෙන් පිටත්වීම එදින පස්වරු 3.00 ට. 188891

ලයනල් කුරුප්පු මහතා - සභාපති - වාද්දුව තරුණ බෞද්ධ සංගමය, සිංහ කැබිනට් ලේකම්, පානදුර සමථමුල මණ්ඩලයේ ප්‍රධාන සමථකාර, විශ්‍රාමලත් අධ්‍යාපන අධ්‍යක්‍ෂ). විශ්‍රාමලත් පාඨශාලාචාරිණී නන්දා කුරුප්පු මහත්මියගේ දයාබර ස්වාමි පුරුෂයා වූද, කෞෂල්‍යා කුරුප්පු (ප්‍රධාන ඉංජිනේරු ජල සම්පත් මණ්ඩලය), තනුජා කුරුප්පු විජේනායක (බැංකු නිලධාරීණී - හැටන් නැෂනල් බැංකුව - බණ්ඩාරගම) යන අයගේ ආදරණීය පියාණන් වූද, මංජුලා කුරුප්පු (ආචාරිනී, විශාඛා විද්‍යාලය - බම්බලපිටිය), බුද්ධි විජේනායක (සමස්ථ ලංකා සාම විනිසුරු කළමනාකරු - සී/ස එයිට්කන්ස් ස්පෙන්ස් සමාගම- කොළඹ 02) යන අයගේ මාමණ්ඩිය වූද සමස්ථ ලංකා සාම විනිසුරු ලයනල් කුරුප්පු මහතා 18 වන දින පරලෝ සැපත් විය. ආදාහන කටයුතු ජුලි 21 සෙනසුරාදා ප.ව. 5.00 ට වාද්දුව පොදු සුසාන භූමියේදී සිදු කෙරේ. අංක 13, සමුද්‍රාරාම පාර, වාද්දුව. 0382233205. 186861

හරිස්චන්ද්‍ර ෆොන්සේකා - රෝෂිණී ද සිල්වා යන අයගේ ස්වාමි පුරුෂයා වූද,හර්ෂ (සුමංගල විද්‍යාලය, පානදුර) ගේ පියාණන් වූද කුමුදු, නෙළුම් යන අයගේ සොහොයුරා වූද ජයන්ත, ගාමිණි, සරත්, විපුල, කමල් යන අයගේ මස්සිනා වූද ලීමා ක්‍රියේෂන්ස් ආයතනයේ සේවයේ නියුක්තව සිටි හරිස්චන්ද්‍ර ෆොන්සේකා මහතා අභාවප්‍රාප්ත වුයෙන් ඒ පිළිබඳ අවසාන කටයුතු ඉරිදා සවස 04.00 ට වාද්දුව ආදාහනාගාරයේදී සිදු කෙරේ. 191315

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා