රඹුක්කන ප්‍රා. සභා නව ගොඩනැඟිල්ල ජනතා අයිතියට පවරන්නට පෙර ගරා වැටිලා

රඹුක්කන ප්‍රා. සභා නව ගොඩනැඟිල්ල
ජනතා අයිතියට පවරන්නට පෙර ගරා වැටිලා

වැය කළ මුදල රු. ලක්ෂ හත්සියයක්

රඹුක්කන ප්‍රාදේශීය සභා ගොඩනැගිල්ල

ගොඩනැගිල්ලේ වහලයේ සිවිලිම කැඩි බිදි ගොස් ඇති අයුරු

රඹුක්කන නගරයේ ඉදිකළ රජයේ ගොඩනැගිලි ජනතා අයිතියට පැවරීම ප්‍රමාදවීම නිසා එම ගොඩනැගිලි ජනතා අයිතියට පැවරීමට පෙර නැවතත් අලුත්වැඩියා කිරීමට සිදුවීම කනගාටුවට කරුණක් බව ප්‍රදේශවාසීහු කියති.

ප්‍රාදේශීය සභාව ස්ථාපිත කිරීමට රුපියල් ලක්‍ෂ හත්සියයක් වැයකැර ඉදිකළ මේ ගොඩනැගිල්ල අද වනතුරු ප්‍රයෝජනයට නොගෙන වසා දමා ඇත. 2008 ඉදිකිරීම් ඇරඹූ මේ ගොඩනැගිල්ල නිකරුනේ වසා දැමීම බලවත් අපාරාදයක් බව ප්‍රදේශවාසීහු කියති.

මේ ගොඩනැගිල්ල වර්ග අඩි විසිදහසක් පමණ වන අතර, ගොඩනැගිල්ලේ සෞඛ්‍ය සායන, ප්‍රජා යටිතල පහසුකම් කාර්යාලීය සංකීර්ණය, අංගසම්පුර්ණ රැස්වීම් ශාලාවක් සහ පුස්තකාලය, මෙන්ම වාණිජ බැංකු කටයුතු සඳහාද ඉඩකඩ වෙන් කර ඇත.

මේ වන විට පෞද්ගලික බැංකු දෙකක් . බිම් මහලයේ පවත්වාගෙන යනු ලබන අතර ගොඩනැගිල්ල ජනතා අයිතියට පැවරීමට පසුගිය කාලයේ කටයුතු කළත් තවමත් එය ජනතා අයිතියට පවරා නැත.

මේ ගොඩනැගිල්ල රඹුක්කන නගර සංවර්ධන වැඩපිළිවෙළට සමගාමීව ඉදිකර ඇත. ගොඩනැගිල්ල ජනතා අයිතියට පැවරීම පෙර එහි සිවිලිම බොහෝ ස්ථාන වලින් කැඩීබිදී ඇති අතර ජනතා අයිතියට පත් කිරීමටත් පෙර මෙසේ අබලන් වීම කනගාටුවට කරුණක් බව ප්‍රදේශවාසිහු කියති.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා