උතුරේ හා දකුණේ ජනතාවගේ බැඳීම යළි ඇති කරලීම අප සැමගේ වගකීමයි

ජනාධිපති මහින්ද රාජපක්ෂ
2012 ජූලි 30 වැනිදා
අරලියගහ මන්දිරයේ දී


ALL VACANCY ADVERTISEMENTS IN SUNDAY OBSERVER, NOW ON-LINE @ www.observeremployment.lk


සිසාරා යන්නට වෙබ් අඩවි . . . .


සෝමාවතීයේ ගින්න තවමත් එසේමයි 

(2012-08-02 14:30) සෝමාවතී චෛත්‍ය රක්ෂිතයේ අද අලුයම සිට හටගත් ගින්න තවමත් පැතිරෙමින් පවති. ගින්න නිවා දැමීමට පොලිසිය හා ගුවන් හමුදාව දැඩි උත්සාහයක නිරත වී සිටිති.

විස්තර»

බාල ඩීසල් ගැන පිරවුම්හල්වලින් වාර්තා 

(2012-08-02 13:30)  ඩීසල් පිළිබද ගැටලු ඇති වී තිබෙන ඉන්ධන පිරවුම්හල්වලින් වාර්තාවක් ලබා ගැනීමට ලංකා ඛණිජ තෙල් නීතිගත සංස්ථාව තීරණය කර තිබේ. සංස්ථාවේ අලෙවි කළමනාකරු මාර්ගයෙන් මෙම වාර්තාව ලබා ගැනීමට තීරණය කර ඇති බව ඛනිජ තෙල් කර්මාන්ත අමාත්‍යාංශය පැවසීය.

විස්තර»

අධිකරණය මග හරිමින් සිටි වරෙන්තුකරුවෝ 28000ක් කොටු

මිනීමැරුම්-ළමා අපචාර කළ අයත් ඒ අතර

32.000ක් සොයා මෙහෙයුම් දිගටම

පොලිසියට හමුදා සහ STF සහාය

අධිකරණය මග හරිමින් සැඟවී සිටි හැට දහසකට ආසන්න වරෙන්තුකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා දුන් උපදෙස් ක්‍රියාත්මක කරමින් පොලිසිය, මාසයක් වැනි කෙටි කාලයක් ඇතුළත වරෙන්තුකරුවන් 28000ක් පමණ අත්අඩංගුවට ගෙන තිබේ. පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී අජිත් රෝහණ මහතා ප්‍රකාශ කළ පරිදි මේ වරෙන්තුකරුවන් අතර මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්, මංකොල්ලකෑම්, මිනීමැරුම්, ස්ත්‍රී දුෂණ, ළමා අපචාර, මූල්‍ය වංචා ඇතුළු . . .

විස්තර»

ආර්ථිකය හා රටේ සංවර්ධනය ගැන වෘත්තීය සමිතිවලින් රජයට ප්‍රසංශා

ආර්ථිකය කඩා වැටුණු බලවත් රටවල් වැඩකරන ජනතාව පාරට ඇද දමන සමයක ශ්‍රී ලංකාවේ ආර්ථිකයත් සංවර්ධනත් ශක්තිමත්ව ඉදිරියට පවත්වාගෙන යාමට සමත් වීම සම්බන්ධයෙන් ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ප්‍රමුඛ රජයට වෘත්තීය සමිති නායකයෝ ප්‍රසාදය පළ කරති. 2013 අය වැය සැකසීම සඳහා වෘත්තීය සමිති නායකයින්ගේ සහ නියෝජිතයින්ගේ අදහස් හා . . .

විස්තර»

නමුණුකුල රක්ෂිතයේ ඇතිවූ ගින්නකින් අක්කර 20ක් පමණ විනාශ වී ඇතැයි පස්සර බීට්ටු වන නිලධාරි කමල් වසන්ත මහතා අවධාරණය කර සිටියි. නමුණුකුල කන්දේ ‘නල්ල මලේ’ ප්‍රදේශයේ 31දා ඇතිවු ගින්න පසුදා අලුයම වන ජීවි නිලධාරීන් හා පොලිසිය එක්ව නිවා දැමීමට කටයුතු කර තිබේ.

ඡායාරූපය - ඌව පළාත් සමූහ මාපා බණ්ඩාර

රටපුරා පරිභෝජනයට නුසුදුසු
ආහාර වැටලීම්වලින් 1993කට නඩු

මිනිස් පරිභෝජනයට නුසුදුසු ආහාර නිෂ්පාදනය සහ අලෙවි කළ පුද්ගලයන් 1993 දෙනකුට එරෙහිව නඩු පවරා රුපියල් එක් කෝටි තිස්හත් ලක්ෂ විසිතුන් දහසක (13,723,000) මුදලක් අය කර ගැනීමට මහජන සෞඛ්‍ය පරික්ෂකවරු සමත්ව සිටිති. පසුගිය මාස හත තුළදී රට පුරා සිදු කළ වැටලීම් මඟින් මේ මුදල රජයට . . .

විස්තර»

පරිපාලන දුර්වලතා නිසා
මහව පොලිසියේ 12කට ස්ථාන මාරු

පරිපාලන දුර්වලතා පිළිබඳ ලැබුණු පැමිණිලි මත මහව මූලස්ථාන පොලිස් පරීක්ෂකවරයා ඇතුළු පොලිස් නිලධාරීන් 12 දෙනකුට ඊයේ (01) සිට ක්‍රියාත්මක වන පරිදි ස්ථාන මාරු ලබා දී තිබේ.  මේ දුර්වලතා සම්බන්ධයෙන් පොලිස් මූලස්ථානය සහ ප්‍රදේශය භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා වෙත ලැබුණු පැමිණිලි විමර්ශනය කිරීමෙන් අනතුරුව . . .

විස්තර»

ඉරාන ජාතිකයන් මෙරටට ගෙනා
මිලියන 25ක මත්කුඩු දැලේ

ගුවන්තොටුපළ ශ්‍රී ලංකා රේගු මත්ද්‍රව්‍ය නාශක අංශය මගින් රුපියල් මිලියන 25ක් පමණ වටිනා කෘත්‍රීම මත්ද්‍රව්‍යයක් වන මෙතම්පතමයින් කිලෝග්‍රෑම් 2ක් පමණ කටුනායක ගුවන්තොටුපළේදී ඊයේ (01) අත්අඩංගුවට ගත්තේය. මෙම මත්ද්‍රව්‍ය සමඟ ඉරාන ජාතිකයන් දෙදෙනකුද අත්අඩංගුවට ගෙන ඇත.

විස්තර»

මහනුවර ඇසළ පෙරහර මංගල්‍යයේ අවසන් රන්දෝලි මහා පෙරහර ඊයේ (01) රාත්‍රියේ වීදි සංචාරය කළ අතර එහිදී නැඳුන්ගමුවේ රාජා හස්තියා උඩුවියන් සහිතව දෑලේ ඇතුන් සමඟ සධාතුක කරව වැඩම කළ අයුරු.

ඡායාරූපය - ගාමිණී රණසිංහ

 

සෙල්ල කතරගම පෙරහර – සෙංකඩගල මහ පෙරහර
නිමා වෙමින් කලා නදිය ගලා ගියේ පා පෙලහර
පත්තිනි -වෙනු - කදිර – සමන් සුරිඳුන් වෙත කර හරසර
සැමට ම සුබසෙත් පතනෙමු සිරි දළදා හිමි නමකර

 

ශ්‍රී ලංකාවේ කාලගුණය

Click for Colombo, Sri Lanka Forecast