විපතට පත් ගොවි ජනතාවට ජනපති නියමයෙන් සහන රැසක්

විපතට පත් ගොවි ජනතාවට ජනපති නියමයෙන් සහන රැසක්

වගා හානිවූ පවුලකට රුපියල් 6000ක්

සී සෑම සඳහා සහන දීමනාවක්

රසායනික පොහොර බිත්තර වී නොමිලේ

සැප්:15ට පෙර අවශ්‍ය සියල්ල ගොවි දෑතට

දැඩි නියඟයෙන් විපතට පත් දිස්ත්‍රික්ක පහක සියලු ගොවීන්ට ලබන මාස් කන්නයේ වී වගාව සඳහා අවශ්‍ය රසායනික පොහොර සහ බිත්තර වී නොමිලයේ ලබා දීමටත් සී සෑම සඳහා මුදලක් නොමිලයේ ලබාදීමටත් ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා ගොවි ජන සේවා හා වන ජීවී ඇමැති එස්. එම්. චන්ද්‍රසේන මහතාට උපදෙස් ලබා දී ඇත.

වගා හානි වූ පවුලකට රජය විසින් මේ වන විට රුපියල් 6000ක මුදලක් ලබාදෙන අතර මෙයට අමතරව මාස් කන්නයේ වී වගාව සඳහා මෙම බිත්තර වී, පොහොර සහ සී සෑම සඳහා මුදලක් මෙසේ නොමිලයේ ලැබෙනු ඇත.

නියඟයෙන් විපතට පත් ගොවි පවුල්වලට මෙම සහනය සැප්තැම්බර් මස 15 වැනිදාට කලින් ලබා දීමට කටයුතු කරන බව ගොවිජන සේවා හා වන ජීවී ඇමැති එස්. එම්. චන්ද්‍රසේන මහතා ‘දිනමිණ’ට කීය.

එහි දී ඇමැතිවරයා වැඩිදුරටත් ‘දිනමිණ’ට මෙසේ ද කීය.

නියඟයෙන් අනුරාධපුුරය, පොළොන්නරුව, පුත්තලම, කුරුණෑගල හා වව්නියාව දිස්ත්‍රික්කවල කුඹුරු හා අතිරේක බෝග වගාවන් විනාශ වී ගොවි ආර්ථිකය බිඳ වැටී ඇත.

ගොවි නායකයන් ජනාධිපතිතුමා හමු වූ අවස්ථාවේ ඉල්ලා සිටියේ ලබන මාස් කන්නයේ කුඹුරු වගාව සඳහා උදව් උපකාර ලබා දෙන ලෙසයි.

ඒ අනුව ආර්ථික සංවර්ධන ඇමැති බැසිල් රාජපක්‍ෂ මහතාගේ පූර්ණ සහයෝගය මත නියඟයෙන් හානියට පත් ගොවීන් සඳහා බිත්තර වී, රසායනික පොහොර නොමිලයේ ලබා දීමටත් කුඹුුරු වැපිරීම සඳහා යන වියදම් ලබා දීමටත් ජනාධිපතිතුමා තීරණය කැර ඇති බව ද කීය.

මහින්ද රාජපක්‍ෂ රජය ගොවි ජනතාව ජීවත් කරවන රජයක් මිස ගොවීන්ට “වස” පොවන රජයක් නොවන බවද ඇමැතිවරයා වැඩිදුරටත් කීය.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා