තොරතුරු තාක්ෂණ ‍ෙක්‍ෂත්‍රයේ ශ්‍රී ලංකාව ඉහළටම ඇවිත්

තොරතුරු තාක්ෂණ ‍ෙක්‍ෂත්‍රයේ ශ්‍රී ලංකාව ඉහළටම ඇවිත්

ඇමැති රංජිත් සියඹලාපිටිය

මෑත ඉතිහාසයේ ශ්‍රී ලංකාව තොරතුරු හා තාක්ෂණ ක්ෂේත්‍රයේ ලබා ඇති ප්‍රගතිය අති මහත් බව විදුලි සංදේශ හා තොරතුරු තාක්ෂණ ඇමැති රංජිත් සියඹලාපිටිය මහතා පවසයි.

ශ්‍රී ලංකාවේ සමස්ත ජනගහනය වූ දෙකෝටි විසි අට ලක්ෂයක සංඛ්‍යාවෙන් එක්කෝටි විසි අට ලක්ෂයක ජනතාව ජංගම දුරකථන භාවිතා කරන අතර රැහැන්ගත දුරකථන භාවිතය තිස් අට ලක්ෂයක් පමණි. ඇමැතිවරයා මේ බව හෙළි කළේ පසුගියදා ජනකලා කේන්ද්‍රයේදී ටෙලිකොම් ආයතනය මගින් එහි අනියම් සේවකයන් දහසකට ස්ථිර පත්වීම් ලබාදීමේ අවස්ථාවේදීය.

මෙහිදී ඇමැතිවරයා මේ අවස්ථාව මෙතෙක් පෙම් කරමින් සිටි අය විවාහ වූ අවස්ථාව ලෙස වශයෙන් හඳුන්වමින් මින් තමාට ලැබෙන වගකීම බහුල කාර්යභාරය ඉටු කිරීම මහඟු මෙහෙවරක් බවද සඳහන් කළේය.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා