කොත්තු රොටියේ කඩල ඇටය සිවු හැවිරිදි දැරියට මරු කැඳවයි
කොත්තු රොටියේ කඩල ඇටය සිවු හැවිරිදි දැරියට මරු කැඳවයි
අසේල කුරුළුවංශ
බගවන්තලාව හින්දු කෝවිලේ පැවති පූජාවකට සහභාගිවීම සඳහා පෙරේදා (04) සිය මව
සමඟ ගිය වයස අවුරුදු 4ක දැරියක් එහිදී ආහාරයට ගත් කොත්තු කඩල උගුරේ සිරවී මිය
ගොස් ඇත.
මෙසේ මිය ගොස් ඇත්තේ බගවන්තලාව ආරියපුර පදිංචි බාලන් අනුෂා නැමැති දැරියකි’
දැරියගේ මරණය පිළිබඳ පශ්චාත් මරණ පරීක්ෂණය බගවන්තලාව දිසා රෝහලේ ප්‍රධාන
වෛද්‍ය නිලධාරී ඒ. එස්. සී. ජයසූරිය මහතා විසින් පවත්වන ලදී. කොත්තු කඩල ගුලි
වශයෙන් ආහාරයට ගැනීම නිසා උගුරේ සිරවීමෙන් ස්වසන මාර්ගය අවහිරවීම නිසා
මරණය සිදුව තිබෙන බව පශ්චාත් මරණ පරීක්ෂණයේ දී හෙළිවී ඇත.
දරුවාගේ මරණය පිළිබඳ සාක්කි විමසීම බගවන්තලාව හදිසි මරණ පරීක්ෂක වරධන් ධන
ලක්ෂ්මි මහත්මිය විසින් සිදු කරනු ලැබීය. එහිදී සාක්කි දුන් දැරියගේ මව වන රාමන්
කමලා දේවි (40) මෙසේ පැවසුවා ය.
අපට දරුවෝ තිදෙනෙක් සිටිනවා. මිය ගොස් සිටින්නේ බාලම දියණියයි. ඇයට ගොඩක් අපල
තියෙන බව කේන්දරේ බලන කොට කිව්වා. ඒ නිසා අපි පුළුවන් හැම වෙලාවෙම ඇයව කෝවිලට
එක්කගෙන ගියා.
සිද්ධිය වූ දින උදේ මම දුවත් සමඟ කෝවිලේ පූජාවට සහභාගි වුණා. පූජාව ඉවරවුණාට
පස්සේ පූජාවට සහභාගි වූ අයට කඩල කොත්තු දුන්නා. ඒවත් අරගෙන මම දුවත් එක්ක පයින්ම
ගෙදර එන්න පිටත් වුණා. අතරමගදි දුව කඩල කොත්තු කන්න ඕන කිව්වා. මම ඒවා දුවට දීලා
ටික වෙලාවක් යනකොට දුව අම්මා කියලා බිම වැටුනා. ක්ලාන්ත ගතියකින් ඇය හිටියේ.
ත්‍රිවීල් එකක දුවව දාගෙන බගවන්තලාව රෝහලට රැගෙන ආවා. එහිදී ඇයව පරීක්ෂා කළ
වෛද්‍යවරු කිව්වා දුව මිය ගිහින් කියලා.
දැරියගේ පියා වන සික්කන් බාලන් නැමති අයද මෙහිදී සාක්කි ලබා දුන්නේ ය.
ඉදිරිපත් වූ වෛද්‍ය වාර්තා සහ සාක්කි සලකා බැලූ හදිසි මරණ පරීක්ෂක වරධන් ධන
ලක්ෂ්මි මහත්මිය මෙය කොත්තු කඩල උගුරේ සිරවීමෙන් ස්වසන මාර්ගය අවහිරවීම නිසා
වූ හදිසි මරණයක් බවට තීරණය කළාය.
බගවන්තලාව පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක අර්ජුන විජේවර්ධන මහතා සාක්කි
මෙහෙයවීය.54
.
|