විභාග හොරුන්ට දැඩි දඬුවම්

විභාග හොරුන්ට දැඩි දඬුවම්

විභාග වංචා සිදුකරන්නන්ට සහ වංචා කිරිමට අනුබල දෙන අයට එරෙහිව විභාග පනත යටතේ දඩුවම් පමුණුවන බව විභාග කොමසාරිස් ජනරාල් ඩබ්ලිව්. එම්. එන්. ජේ. පුෂ්පකුමාර මහතා අවධාරණය කරයි.

1968 වසරේ අංක 25 දරණ විභාග පනතට අනුව දඩුවම් පමුණුවන බවත් සාමාන්‍ය නීතිය යටතේද දඩුවම ලබා දෙන බවත් හෙතෙම පවසයි.

මේ සඳහා පැය 24 තුළ ක්‍රියාත්මක අධික්ෂණ කණ්ඩායම් යොදවා ඇති බව කී විභාග කොමසාරිස් ජනරාල්වරයා විභාග වංචා සිදුකරන්නන් සිටි නම් විභාග දෙපාර්තමේන්තුවට දැනුම් දෙන ලෙස පවසයි.

දුරකථන අංක 0112786200, 01122784201, 0112785202, 0112784204, 0112786205, 0112788406, 01127887207 සහ පාසල් සංවිධාන ශාඛාව 01127884206, 01127884537 අංකවලටද පැය 24 පුරා 1911 අංකයටද දැනුම්දීමට හැකි අකර ෆැක්ස් අංක 0112785220, 01127885779, 01127884422, 01127885013, 0112177411අංකවලට ෆැක්ස් පණිවුඩ එවිය හැක.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා