සන්ධානයේ මංගල රැලිය ජනපති ප්‍රධානත්වයෙන් 18දා අනුරපුරේදී
සන්ධානයේ මංගල රැලිය ජනපති ප්‍රධානත්වයෙන් 18දා අනුරපුරේදී
ධනුෂ්ක ගොඩකුඹුර
පළාත් සභා මැතිවරණයේ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ විජයග්‍රහණය තහවුරු කරන
දැවැන්ත ජන රැලි මාලාවේ මංගල ජන රැලිය ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ
ප්‍රධානත්වයේ ඵෙතිහාසික අනුරාධපුරයේදී මේ මස 18 වැනිදා පැවැත්වේ.
පළාත් සභා මැතිවරණය පැවැත්වෙන උතුරු මැද, සබරගමුව සහ නැගෙනහිර පළාත්වල
සෑම දිස්ත්‍රික්කයකටම එකක් බැගින් මේ දැවැන්ත ජන රැලි පැවැත්වීමට සන්ධානය
කටයුතු යොදා ඇත.
ජනාධිපතිවරයා සහභාගී වන ජන රැලි හැර සන්ධානයේ ප්‍රධාන පෙළේ නායකයන්
සහභාගීවන ජන රැලි රැසක් ද ඒ ඒ දිස්ත්‍රික්කවල පැවැත්වීමට නියමිතය.
මීට අමතරව පළාත් තුනේ සෑම නිවසකටම ගොස් ජනතාව දැනුම්වත් කිරීමේ
වැඩපිළිවෙළක් ද පක්ෂයේ ජයග්‍රහණය වෙනුවෙන් ක්‍රියාත්මකය.
.
|