උසස් පෙළ අද ඇරැඹේ
උසස් පෙළ අද ඇරැඹේ
සුභාෂිනී සේනානායක
අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ 2012 වසර විභාගය අද (6) ආරම්භ කෙරේ.
නව හා පැරණි නිර්දේශ යටතේ අපේක්ෂකයන් දෙලක්ෂ හැත්තෑහත් දහස් හයසිය හැත්තෑ එකක්
(277,771) මෙවර උසස් පෙළ විභාගය සඳහා ඉදිරිපත්ව සිටි.
උසස්පෙළ විභාගය දින 22ක් තුළ පැවැත්වෙන අතර මේ මස 30 වැනිදායින් විභාගය
අවසන් වේ. විභාග මධ්‍යස්ථාන 2093ක් තුළ විභාගය පැවැත්වෙන අතර විභාග
පරීක්ෂකවරුන් 14000ක් පමණ විභාග රාජකාරි සඳහා යොදවා ඇති අතර සම්බන්ධීකරණ
මධ්‍යස්ථාන 289ක් ස්ථාපිත කර ඇත. උසස් පෙළ නව නිර්දේශය යටතේ අයදුම්කරුවන්
236025ක්ද පැරණි නිර්දේශය යටතේ අයදුම්කරුවන් 41646ක්ද පෙනී සිටී.
විභාගය සඳහා ප්‍රශ්න පත්‍ර ලක්ෂ 52ක් මුද්‍රණය කර තිබේ. ප්‍රශ්න පත්‍ර වර්ග
532ක්ද විෂයයන් 124ක් සඳහාද ප්‍රශ්න පත්‍ර මුද්‍රණය කර ඇත. සෑම පළාතක්ම
ආවරණය වන පරිදි විභාග මධ්‍යස්ථාන සහ සම්බන්ධිකරණ මධ්‍යස්ථානවලට අධීක්ෂණ
කණ්ඩායම් යොදවා ඇති බවත් එය පැය විසිහතර පුරා ක්‍රියාත්මක බව විභාග කොමසාරිස්
ජනරාල් ඩබ්ලිව්. එම්. එන්. ජේ. පුෂ්පකුමාර මහතා පවසයි.
විශේෂ අවසරය ලබා දුන්
කාලය තුළ අයැදුම්පත් 574ක් ලැබී ඇති අතර ඔවුන්ද මෙවර උසස් පෙළ විභාගයට පෙනී
සිටිමට නියමිතය. පළාත් සභා මැතිවරණය පවතින ප්‍රදේශවල විභාග මධ්‍යස්ථාන
අවට කිලෝ මීටරයක් ඇතුළත රැස්වීම් , පෙළපාලි පැවැත්වීම සහ රතිඤ්ඤා පත්තු කිරිම
තහනම් බවත් මැතිවරණ කොමසාරිස්වරයා සහ පොලිස්පතිවරයා ඇතුළු පළාත්
නිළධාරින් දැනුම්වත් කර ඇති බවත් විභාග කොමසාරිස් ජනරාල්වරයා කියයි.
.
|