මුතූර්, පාඨලිපුරම් වැව් 40ක් නැ’හිර නවෝදයෙන් සංවර්ධනයට
මුතූර්, පාඨලිපුරම් වැව් 40ක් නැ’හිර නවෝදයෙන් සංවර්ධනයට
මහානාම ගලහිටියාව - මහනුවර උතුර විශේෂ
ත්‍රස්තවාදීන්ගේ ග්‍රහණයට යටත්ව වනගතව තිබූ නැගෙනහිර පළාතේ සරුසාර පොළවට
නව අරුණැල්ලක් උදාවී ඇත. ආර්ථික සංවර්ධන අමාත්‍යාංශයේ නැගෙනහිර නවෝදය මගින්
ජනතාවගේ මූලික අවශ්‍යතා සපුරා දෙමින් සංවර්ධනෙය් ආරම්භකර තිබේ.
මහාමාර්ග, පාලම්, නිවාස පමණක් නොව යුද්ධයෙන් පීඩාවට පත් දරුවන්ගේ
අධ්‍යාපනයටද සුවිශේෂි දායකත්වයක් ලබා දී ඇත. ජනතාවගේ ජීවනෝපාය මාර්ග
සවිමත් කිරීමේ අරමුණින් එක්සත් ජාතීන්ගේ ආහාර හා කෘෂිකර්ම සංවිධානයේ
මෙහෙයවීමෙන් පිළිසකර කර ඇති වැව් අමුණු විශාල සංඛ්‍යාවක්් වේ.
යුද්ධයෙන් හානියට පත් මුතූර් පාඨලීපුරම් ප්‍රදේශයේ සංවර්ධනයකර ඇති මධ්‍යම
හා විශාල ප්‍රමාණයේ වැව් සංඛ්‍යාව 40කට අධිකය. මේ යටතේ එම ප්‍රදේශයේ
කෘෂිකර්මාන්තයේ නව නැම්මක් ඇති වී තිබේ , වැව් පිරිසිදු කිරීම් මෙන්ම ඉඩම්
සංවර්ධන කටයුතු ද නිම වෙමින් පවතී.
ඉඩම් හෙක්ටයාර් 1000ක පමණ වගා කටයුතු සඳහා වැව් සහ ඇළ මාර්ග මගින් ජලය සැපයෙන
මෙම ප්‍රදේශයේ් ගොවි පවුල්
25000කට අධික සංඛ්‍යාවක් ජීවත්වන අතර ඔවුන්ගේ ගොඩ මඩ
ඉඩම් සංවර්ධනයට කෘමිනාශක, සත්ව ගොවිපොළ, බිත්තර වී, උදලු ආදි සුලු උපකරණ,
යන්ත්‍රෝපකරණ හා බෙහෙත් විදින යන්ත්‍ර හා වෙනත් කෘෂි උපකරණ ලබාදීමටත්
පියවර ගෙන ඇත.
යුරෝපා සංගමයේ ප්‍රතිපාදන යටතේ මුතූර් ප්‍රදේශයේ පාසල් ගොඩනැගිලි, සෞඛ්‍ය
මධ්‍යස්ථාන, බහුකාර්ය ගොඩනැගිලි ආදි සංවර්ධන ව්‍යාපෘතී රැසක් ක්‍රියාත්මක කර
ඇත.
.
|