මැරතන් ක්‍රීඩකයාෙග් පවුලේ උදවියට ක්‍රීඩා ගම්මානයේ දොරටු වැසෙයි
මැරතන් ක්‍රීඩකයාෙග් පවුලේ උදවියට ක්‍රීඩා ගම්මානයේ දොරටු වැසෙයි
ප්‍රින්ස්
ගුණසේකර
ශ්‍රී ලංකාව වෙනුවෙන් ලන්ඩන් ඔලිම්පික් උලෙළේ අවසන් ක්‍රීඩා ඉසව්ව නියෝජනය
කිරීමට බලාපොරොත්තුවෙන් සිටින මැරතන් ක්‍රීඩක අනුරාධ ඉන්ද්‍රජිත් කුරේ, තම
පවුලේ සාමාජිකයන් මුණ ගැසීමට අවස්ථාවක් ඉල්ලා ඇතත් එය අහිමිවීමෙන් බලවත්
කණස්සල්ලට පත්ව සිටී.
ඔලිම්පික් ක්‍රීඩා ගම්මානයේ සිටින අනුරාධ ඉන්ද්‍රජිත් පවුලේ සාමාජිකයන්
පස්දෙනෙකු ඔලිම්පික් ගම්මානය තුලට කැදවාගෙන ඒමට ඉල්ලු අවසරය ප්‍රතික්ෂේප
කිරීම හේතුවෙන් මේ තත්ත්වය ඇතිව තිබේ.
ඔලිම්පික් ක්‍රීඩා ගම්මානයේ සිටින ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට පවුලේ සාමාජිකයන්
හමුවීමට අවශ්‍ය නම් අදාල රටේ කණ්ඩායම භාර ප්‍රධානියා මගින් විශේෂ අවසර
පත්‍රයක් ලබාගත යුතුය. අනුරාධ ඉන්ද්‍රජිත් කුරේ එවැනි අවසර පත්‍රයක් ශ්‍රී
ලංකා කණ්ඩායම් භාර ප්‍රධානී දේවා හෙන්රි මහතාගෙන් ඉල්ලා සිටියද එය ප්‍රතික්ෂේප
කළ බව ඔහු පවසයි. එහෙත් එවැනි අවසර පත්‍ර ලබාගෙන ඇතැම් නිලධාරීන්ගේ හිතවතුන්
ක්‍රීඩා ගම්මානයට පැමිණෙන බව පෙන්වා දෙන අනුරාධ ඉන්ද්‍රජිත් පවසන්නේ
ක්‍රීඩකයෙකුගේ මානසිකත්වය ඉහළ නංවා ගැනීමට ඉඩකඩ අහිමිවීම ගැන තමා කණගාටු
වන බවය.
“මා කිසිවක් ඉල්ලා නෑ. මගේ එකම ඉල්ලීම වුණේ ක්‍රීඩා ගම්මානයේදී මගේ පවුලේ උදවිය
සමග කතා කිරීමට අවස්ථාවක් දෙන ලෙසයි. ඒකට යහපත් ප්‍රතිචාරයක් නොලැබීම ගැන
මා පුදුම වුණා. ශ්‍රී ලංකා නාමය යටතේ අවසරපත් ලබාගෙන දිනපතා බොහෝ දෙනෙක්
ක්‍රීඩා ගම්මානය ඇතුලට එනවා. නමුත් රට නියෝජනය කරන මට එවැනි අවස්ථාවක් නැ”
අනුරාධ ඉන්ද්‍රජිත් පැවාසීය.
“ඔලිම්පික් ක්‍රීඩා ගම්මානය තුලට පැමිණීම වාසනාවක්. අපේ රට වෙනුවෙන් පැමිණි
ක්‍රීඩක ක්‍රීඩිකාවන් හත්දෙනා නිසයි ශ්‍රී ලංකාවට මෙහි අවස්ථාව තියෙන්නේ.
ක්‍රීඩකයෙකුගේ පවුලේ අයට නැති අවස්ථා ලැබී තියෙන්නේ පිටස්තර අයටයි. මේකට
කණ්ඩායම් ප්‍රධානියා වගකිය යුතුයි” අනුරාධ ඉන්ද්‍රජිත් පැවැසීය.
මේ පිළිබදව ශ්‍රී ලංකා කණ්ඩායම් භාර ප්‍රධානී දේවා හෙන්රි මහතාගෙන් කළ
විමසීමකදී ඒ මහතා පැවැසුවේ මැරතන් ක්‍රීඩක අනුරාධ ඉන්ද්‍රජිත් ඉල්ලිම් කරන
විට අවසරපත් අවසන්ව ඇති හෙයින් මේ ප්‍රශ්නය මතුවු බවයි. “එකවර පස්දෙනෙකු
ක්‍රීඩා ගම්මානය ඇතුලට ගෙන්න අපහසු බව මා අනුරාධට පැවැසුවා. ඔහු හමුවීමට
අවශ්‍ය පස්දෙනා අවස්ථා කිහිපයකදී කොටස් වශයෙන් ගෙන්වීමට අවසර දිය හැකියි.
අනුරාධගේ ඉල්ලීම ප්‍රතික්ෂේප කර නෑ” දේවා හෙන්රි මහතා පැවැසීය.
කෙසේ වුවද මේ 12වැනිදා පැවැත්වෙන මැරතන් ඉසව්වේදී ශ්‍රී ලංකාව වෙනුවෙන්
උපරිමය ඉටුකරන බව අනුරාධ ඉන්ද්‍රජිත් කුරේ සදහන් කළේය. නමුත් තරගයට පෙර
පවුලේ උදවිය මුණගැසී කතා කිරීමට ලැබුණේ නම් එය තවත් ශක්තියක් බව හෙතෙම
අවධාරණය කළේය.
අනුරාධ ඉන්ද්‍රජිත් පසුගියදා පැවැති ලන්ඩන් මැරතන් තරගයේදී දැක්වු දක්ෂතා
හේතුවෙන් මෙවර ඔලිම්පික් උලෙළට සුදුසුකම් ලැබීය.
තිස්හතර හැවිරිදි අනුරාධ ශ්‍රී ලංකා කණ්ඩායමේ සිටින පළපුරුදුම ක්‍රීඩකයාද
වේ. ඔහු 2004 ඇතැන්ස් ඔලිම්පික් උලෙළද ඇතුලුව දෙවරක් ශ්‍රී ලංකාව වෙනුවෙන්
ඔලිම්පික් වරම් දිනා ගැනීමට සමත් වුවේය.
ඔලිම්පික් ක්‍රීඩා ලෝලීන් නොඉවසිල්ලෙන් බලා සිටි ලොව වේගවත්ම කාන්තාව
තෝරාගැනීමේ අවසන් තරගය තත්පර 10.75කින් නිමාකළ ජැමෙයිකාවේ ෂෙලී ඈන් ෆ්‍රේසර්
දෙවැනි වරටත් රන් පදක්කම අත්කර ගත්තාය. ලොව ප්‍රබලතම කෙටිදුර ධාවන ශූරියන්
රැසක් තරග වැදුණු මේ අතිශය උණුසුම් තරගයට පෙර දී ද අනාවැකි පළවූයේ ෂෙලී සිය
ඔලිම්පික් කිරුළ රැකගනු ඇති බවය.
අමෙරිකාවේ බලාපොරොත්තුව වූ කැමේලියා ජේටර් තත්පර 10.78ක කාලයක් වාර්තා
කරමින් රිදී පදක්කම දිනාගත් අතර ජැමෙයිකාවේ වෙරෝනිකා කැම්බල් තත්පර
10.81කින් තරගය නිමාකර ලෝකඩ පදක්කමට හිමිකම් කීවාය.
'මම දැනගෙන හිටියේ නෑ මොකද වුණේ කියලා. මේ ජයග්‍රහණය 2008 වසරේ බීජිං
ඔලිම්පික් ජයග්‍රහණයට වඩා වෙනස්. එහිදී මම අත්දැකීම් නැති යොවුන්
ක්‍රීඩිකාවක් ලෙසයි තරග වැදුණේ. එදා රන් පදක්කම දිනාගන්න පුළුවන් වේවි කියලා
මම හිතුවේවත් නෑ. මෙවර තත්වය හාත්පසින්ම වෙනස්. මම තරමක දෙගිඩියාවෙන්
හිටියේ.' ජයග්‍රහණයෙන් අනතුරුව 25 හැවිරිදි ෂෙලී කියා සිටියාය.
ඔලිම්පික් මීටර් 100 කාන්තා රන් පදක්කම දෙවරක් දිනූ තුන්වැනි ක්‍රීඩිකාව ලෙසත්
ෂෙලී වාර්තාපොතට එක්වූවාය. මීට පෙර අමෙරිකාවේ ව්යොමියා ටයිස් සහ ගේල් ඩෙවර්ස්
මේ කිරුළ දෙවතාවක් දිනා ගැනීමට සමත්වූහ.
ඔස්කාර් පිස්ටෝරියස්
ඔලිම්පික් ඉතිහාසය අලුත් කරයි
මීටර් 400 පිරිමි තරග ඉසව්වේ අවසන් පූර්ව තරගයට සුදුසුකම් ලබා ගැනීමට සමත්වූ
දකුණු අප්‍රිකාවේ ඔස්කාර් පිස්ටෝරියස් අවසන් තරගයට ඉදිරිපත් වීමටත් පෙර
ඔලිම්පික් වාර්තාවක් බිහිකිරීමට සමත්වී සිටියි. ඒ ඔලිම්පික් තරගාවලියට
සහභාගිවූ දෙපා අහිමි පළමු ක්‍රීඩකයා ලෙසටය. ඔහු 2004 සහ2008 වසරවලදී පැරා
ඔලිම්පික් තරගාවලි සඳහා සහභාගි වී තිබේ.
ඔහු මෙවර තරගාවලියේ සුදුසුකම් ලැබීමේ තරගය නිමාකළේ දෙවැන්නා ලෙසිනි. 'මම
දන්නේ නෑ අඬන්න ද හිනාවෙන්නද කියලා. මේක මගේ හීනයක් සැබෑවීමක්.' අවසන් පූර්ව
වටයට සුදුසුකම් ලැබීමෙන් පසු ඔහු පැවැසීය.
.
|