සුඩානය සහ දකුණු සුඩානය අතර යුද ගැටුමක් නූලෙන් වලකී

සුඩානය සහ දකුණු සුඩානය අතර යුද ගැටුමක් නූලෙන් වලකී

යුද ගැටුමක් ආරම්භ විමට ඔන්න මෙන්න තිබියදී අර්බුදයට ‍ හේතු සාධක වූ ඛනිජ

තෙල් සම්පත බෙදා ගැනිම සම්බන්ධයෙන් ගිවිසුමකට එළඹීමට දෙපාර්ශවයට හැකිවි ‍‍මහා යුද්ධයක් අතිවීම ‍නූලෙන් වැලකි තිබේ .මේ සම්බන්ධයෙන් ජගත් සංවිධානය විසින් දි තිබූ අවසන් දිනය ඉක්මුණේ ඊට දින දෙකකට පෙර වීමද විශේශයකි.

මෙම ගිවිසුමට අනුව දකුණු සුඩානයට අඩු මිලක් ගෙවා සුඩානය හරහා තෙල් ප්‍රවාහනය කිරීමට අවසර ලැබේ . තවද දකුණු සුඩානයට සිය මුල්‍ය පරතරය පියවා ගැනිමට ඩොලර් බිලියන 3ක් ලබාදීමටද සුඩානය එකඟ වි ඇත .

මේ නිසා දකුණු සුඩානයට තම රට ස්ථාවර කරගැනිමට ඉඩකඩ සැලසෙනු ඇතැයි දකුණු සුඩායව විශ්වාස කරයි . මෙම ගිවිසුම දෙරටටම සෞභාග්‍ය උදාකර දෙන්නක් බව පවසමින් අමෙරිකා ජනාධිපති බැරැක් ඔබාමා එය ප්‍රසංසාවට ලක්කර තිබේ .එමෙන්ම මෙවැනි එකඟතාවක් ඇතිකර ගැනිමට මැදිහත්කරුවන් වශයෙන් කටයුතු කළ අප්‍රිකා හවුල ද ඔහුගේ පැසසුමට ලක්වි ඇත .

දරුණු සිවිල් යුද්ධයකට පැටලි සිටි මෙම දෙපාර්ශවය මෙවැනි එකඟතාවකට පැමිණීම සම්බන්ධයෙන් සුඩානයේ චාරිකාවක නියැලි සිටින ඇමෙරිකා රාජ්‍ය ලේකම් හිලරි ක්ලින්ටන් ද සතුට පළ කළාය .මෙම ගැටුම් හේතුවෙන් මහත් පිඩාවට පත්වී සිටින දහස් ගණන් සුඩාන වැසියන්ට වහාම මානුෂීය ආධාර සපයා දෙන ලෙසත් ඇය ඉල්ලා ඇත .

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා